අධික වේගයෙන් ගිය ත්‍රිරෝද රථයක් මාර්ගයේදි ගිනිගෙන විනාශ වෙයි..

March 27, 2019 at 8:43 am | lanka C news
අධික වේගයෙන් ගිය ත්‍රිරෝද රථයක් මාර්ගයේදි ගිනිගෙන විනාශ වෙයි..

බගවන්තලාවේ සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් ගිනිගෙන විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

ත්‍රිරෝද රථය ගිනිගෙන ඇත්තේ  හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදිය.

ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයේ එන්ජිම දෙසින් හටගත් ගින්න ක්ෂණිකව ත්‍රිරෝද රථය පුරා පැතිර ගිය බවත්, ත්‍රිරෝද රථය ගිනිගන්නා අවස්ථාවේ ත්‍රිරෝද රථයේ රියදුරා පමණක් එහි සිට ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසුවේය.

ත්‍රිරෝද රථයේ විදුලි කාන්දුවක් ගින ගැනිමට හේතු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය සැකකරයි.

ගිනි ගැනිම හේතුවෙන් ත්‍රිරෝද රථය අලුත්වැඩියා කිරිමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවත්, ත්‍රිරෝද රථය ගිනි ගැනිමෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සෙසු වාහනවලට තරමක බාධාවක් සිදු වු බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පැවසුවේය.

144 views