අධික වේගයෙන් ගිය ත්‍රිවීලයක් උඩරට දුම්රිය මාර්ගයට පෙරලේ..

October 19, 2019 at 2:09 am | lanka C news
අධික වේගයෙන් ගිය ත්‍රිවීලයක් උඩරට දුම්රිය මාර්ගයට පෙරලේ..

හැටන් කුඩාගම සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන උඩරට දුම්රිය මාර්ගය ආසන්නයට පෙරලිමෙන් එම ත්‍රිරෝද  රථයේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් වු කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය ආසන්නයට පෙරලි ඇත.

අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර , තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියදුරාගේ තත්වය තරමක් බරපතල බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය  කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,016 Viewers
Main News