අධික වේගයෙන් ගිය බස් රථයක් බස් නැවතුම්පොලක්, වෙලදසැලක් කඩාගෙන යයි…

December 21, 2019 at 5:30 pm | lanka C news
අධික වේගයෙන් ගිය බස් රථයක් බස් නැවතුම්පොලක්, වෙලදසැලක් කඩාගෙන යයි…

අධික වේගයෙන් ධාවනය වු හැටන් ලංගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ප්‍රධාන මාර්ගය අභියස තිබු බස් නැවතුම්පොලක් කඩාගෙන එ අසලම තිබු වෙලදසැලකට කඩාගෙන ගොස් බස් රථය නගර  වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල සහ ලක්ෂපාන ලංකා විදුලි බල මණ්ඩලයේ සංචාරක නිකේතනය අසලය.

හැටන් සිට ලක්ෂපාන දක්වා ධාවනය කර ඇති බස් රථය ලක්ෂපාන ප්‍රදේශයේ ගාල් කර පසු ව එම බස් රථයේ රියදුරා අධික ලෙස බිමත්ව පැමිණබස් රථය පණ ගන්වා බස් රථය අධික වේගයෙන් ධාවනය කරවන අවස්තාවේ රියදුරාට බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව බස් රථය මුලින්ම බස් නැවතුම්පොලේ ගැටි පසුව බස් රථය වෙලදසැල වෙත කඩාගෙන ගොස් නතර වි ඇත.

බස් රථයේ රියදුරා අසුනේ සිර වි සිටියදි  අනතුරට පත් ස්ථානය ආසන්නයේම පිහිටි ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් සහ භට පිරිස් සහ ප්‍රාදේශවාසින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා රියදුරාව බස් රථය කඩා පිටතට ගෙන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

රෝහල්ගත කර රියදුරාව වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත්කර ඇති අතර අනතුරෙන් බස් රථයට, බස් නැවතුම්පොලට සහ වෙලදසැලට දැඩි අලාභ හානි සිදු වි ඇත.

වෙලදසැල් හිමියා පවසන්නේ ලබන මස විවෘත කිරිමට තිබු තම වෙලදසැල තුලට බස් රථය කඩාගෙන විත් අනතුරට පත් විම නිසා රු ලක්ෂ 5 ක පමණ පාඩුවක් සිදු වි ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් තමන්ද නෝටන්බ්‍රිජ් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද වෙලදසැල් හිමියා කියා සිටියා.

අනතුර පිලිබදව නෝටන්බ්‍රිජ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

92 views

3 Comments to “අධික වේගයෙන් ගිය බස් රථයක් බස් නැවතුම්පොලක්, වෙලදසැලක් කඩාගෙන යයි…”

  1. 😡😡😡😡👀👀👀 says:

    මාරයා වෙසෙන්නේ මේ හැටන් නගරයේද
    නිතරම අනතුරු ඇසන්නෙ මේ පාරෙන්මද
    මරුවා සමඟ යන රියදුරුද බීමත්ව එලවයිද
    වේගය මරුවා නොව බීමත්කම මරුව නේද

  2. tazan says:

    ඔක්කොටම ඉස්සෙල්ලා හැටන් දුරිය ස්ථානාධිපති මාරු කරන්න. ලංකාවේ තියෙන නරකම දුම්රිය ස්ථානය තමයි හැටන්.

  3. ajith silva says:

    ctb hires drivers on casual basis test for ganja not alcohol they are now much worse than private busses