අධික වේගයෙන් ගිය මොටර් රථයක් ප්රපාතයේ.. එකම පවුලේ තිදෙනෙක් මරුට..
April 25, 2019 at 2:02 am | lanka C news
අධික වේගයෙන් ධාවනය මොටර් රථයක් අඩි 80 පමණ ප්රපාතයකට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත රියදුරු සහ තවත් දෙදෙනෙක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව කොත්මලේ පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ කොත්මලේ නුවරඑලිය ප්රධාන මාර්ගයේ කොත්මලේ ආයුර්වේදය අසලය.
අනතුරෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ අටබාගේ කැකුලන්ද ප්රදේශයේ පදිංචි අසේල රාජපක්ෂ නැමති අවුරුදු 70 හැවිරිදි (රියදුරු) අයෙක් සහ ඔහුගේ බිරිදගේ මව සහ පියා වන එම ප්රදෙශයේම පදිංචි සි.අඹේපාල (80) සහ ඒ.සුමනාවති (78) යන තිදෙනයි.
කොත්මලේ අයුර්වේදට ගොස් ආපසු නිවස කරා මොටර් රථය ධාවනය කරමින් සිටින අවස්තාවේ රියදුරු අතින් එක් වරම මොටර් රථයේ වේගය වැඩි වි වේගය පාලනය කරගත නොහැකිව ප්රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන කොත්මලේ පොලිසිය පැවසුවේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
Poor people. Must have been a fault with the car, we should ban all these cheap crap toy cars
How comes the age deferment in this way ?
අසේල රාජපක්ෂ නැමති අවුරුදු 70 හැවිරිදි (රියදුරු) අයෙක් සහ ඔහුගේ බිරිදගේ මව සහ පියා වන එම ප්රදෙශයේම පදිංචි සි.අඹේපාල (80) සහ ඒ.සුමනාවති (78)
May be
රියදුරු 70
බිරිද 55
බිරිදගේ මව 78
බිරිදගේ පියා 80