අධික වේගයෙන් ගිය යතුරුපැදි දෙකක් හැපේ.. යතුරුපැදිකරුවන් දෙදෙනාටම බරපතලයි..

July 5, 2019 at 5:30 pm | lanka C news
අධික වේගයෙන් ගිය යතුරුපැදි දෙකක් හැපේ.. යතුරුපැදිකරුවන් දෙදෙනාටම බරපතලයි..

නාවලපිටියේ සිට ගිනිගත්හේන දක්වා එකම දිශාවට අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදි දෙකක් අනතුරට පත් විමෙන් යතුරුපැදියේ ගමන් ගත දෙදෙනෙක් බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එක් යතුරුපැදිකරුවකුගේ තත්ත්වය බරපතල නිසා එම තුවාලකරු මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කල බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේදිය.

නාවලපිටියේ සිට රඹුක්පිටිය දක්වා ධාවනය වු යතුරුපැදිකරු තම නිවසට යාම සදහා ප්‍රධාන මාර්ගයෙන් දකුණුපසට හැරවිමේදි පිටුපසින් එම දිශාවටම අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය ගැටි මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසුවේය.

අනතුරෙන් යතුරුපැදි දෙකට ද බරපතල අලාභ හානි සිදු වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

5,819 Viewers

2 Comments to “අධික වේගයෙන් ගිය යතුරුපැදි දෙකක් හැපේ.. යතුරුපැදිකරුවන් දෙදෙනාටම බරපතලයි..”

  1. sathya says:

    Yahapalanaya pannamu

    • Me3 says:

      සත්‍යා,
      මෙතන ප්‍රශ්ණය තියෙන්නෙ ලංකාවෙ රියැදුරු බලපත්‍ර නිකුත්කිරීමේ ක්‍රමවේදයේ ප්‍රශ්ණයක්.
      මාර්ග නීති හරියට දැනීම යනු තමාගේ අාරක්ෂාවද, මගීන්ගේ අාරක්ෂාවද, මාර්ගය පරිහරණය කරණ අනෙකුත් සියළුම දෙනාගේ අාරක්ෂාවද ගැන මනා අවබෝධයක් අැති බවයි.
      රියැදුරු බලපත් නිකුත් කිරීමේදී මෙම දැනුම හා අවබෝධය පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් සකස් කළයුතුය.

Leave a Comment

Main News