අධික වේගයෙන් ගිය යතුරුපැදියක් අනතුරට.. පුද්ගලයෙකු මිය යයි..

May 6, 2018 at 5:30 pm | lanka C news
අධික වේගයෙන් ගිය යතුරුපැදියක් අනතුරට.. පුද්ගලයෙකු මිය යයි..

මුලිතිව් පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු මන්සන්ධියේදී ඊයේ (05) සවස සිදු වූ රිය අනතුරකින් වයෝවෘද්ද පුද්ගලයෙකු මිය ගිය බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියේය.

උදයාර්කට්ටු මන්සන්ධියේදී යතුරුපැදියකින් අධික වේගයකින් පැමිණි පුද්ගලයා වේගය පාලනය කරගැනීමට නොහැකිව අසල පිහිටි තවත් වාහනයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අදාල අනතුරින් පසුව බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මුලතිව් රෝහලට ඇතුලත් කලද ඒ වන විටත් මිය ගොස් සිටි අතර අනතුරින් මිය ගොස් ඇත්තේ 80 හැවිරිදි ටී.අන්තෝනි නැමති වයෝවෘද්ද නැමත්තෙකු මිය ගොස් ඇති බවටද පරික්ෂණ සිදු කල පුදුකුඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

44 views
Main News