අධික වේගයෙන් ගිය වැන් රථයක් ත්රිරෝද රථයක ගැටේ..
December 16, 2018 at 2:21 am | lanka C news
නුවරඑලිය සිට මස්කෙලිය දක්වා අධික වේගයෙන් ධාවනය වු වැන් රථයක් ඉදිරියෙන් ධාවනය වු ත්රිරෝද රථයක ගැටිමෙන් සිදු වු අනතුරකින් ත්රිරෝද රථයේ ගමන් ගත් එක් අයෙකුට තුවාල ලබා කොටගල ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්රදේශයේදිය.
වැන් රථයට ඉදිරියෙන් කොටගල සිට හැටන් දක්වා ධාවනය වු ත්රිරෝද රථය මගියෙකු ත්රිරෝද රථයට නංවා ගැනිමට නතර කල අවස්තාවේ අධික වේගයෙන් පිටුපසින් අධික වේගයෙන්ධාවනය වු වැන් රථය ත්රිරෝද රථයේ ගැටිමෙන් පසු ත්රිරෝද රථය ප්රධාන මාර්ගය හරහා පෙරලිමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් ත්රිරෝද රථයේ රියදුරා තුවාල ලබා කොටගල ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර වැන් රථයේ අධික වේගය අනතුරට හේතුව බව අනතුර පිලිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
ත්රී වීල් කාරයෝ උන් ගෙ ගෙදර වගේ පාරෙ නවත්තන්නේ. මිනිහෙක් අත දැම්ම ගමන් එතනම නවත්තනව.
පස්සෙන් එන වාහන ගැන හිතන්න තරම් මොළයක් නැති හරක්.