අධික වේගයෙන් ගිය වෑණ් රථය ලොරියක ගැටී සිව් දෙනෙකු රෝහලට….

March 13, 2019 at 8:02 am | lanka C news
අධික වේගයෙන් ගිය වෑණ් රථය ලොරියක ගැටී සිව් දෙනෙකු රෝහලට….

යාපනය,මහනුවර ඒ-9 ප්‍ර‍ධාන මාර්ගයේ මැදවච්චිය, මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් සිවිදෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලීසිය පවසයි.

වවුනියාව සිට අනුරාධපුර දෙසට ගමන් කළ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කල ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර ලොරි රථයේ වේගය අඩු කිරීමත් සමග පිටුපසින් අධික වේගයකින් පැමිණි වෑන් රථයේ රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව ලොරියේ පිටුපස ගැටී ඇති බවට පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

පොලිසිය පැවසූවේ අනතුරින් වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ත් 35 ත් අතර වයසේ පසුවන තරුණයින් පිරිසක් තුවාල ලබා ඇත.

අධික වේගය අනතුරට හේතුවි ඇති බව පොලිසිය සඳහන් කරන අතර, තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇතිඅනතුර සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,104 Viewers
Main News