අධික වේගයෙන් ගිය වෑන් රියක් පාරෙන් පැන කෙලින් හිටගනී.. රියදුරා අතුරුදහන්..

January 4, 2020 at 8:02 am | lanka C news
අධික වේගයෙන් ගිය වෑන් රියක් පාරෙන් පැන කෙලින් හිටගනී.. රියදුරා අතුරුදහන්..

කොළඹ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු වැන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති වැන් රථය දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු ලංගම බස් රථයකට ඉඩ ලබා දිමට යාමේදි වැන් රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

වැන් රථ අනතුරෙන් පසු වැන් රථ රියදුරා අතුතරුදහන් වි ඇති බවත්, වැන් රථය අනතුර පත්වන අවස්තාවේ එහි රියදුරා පමණක් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් වැන් රථයටද දැඩි අලාභ හානි සිදු වි  ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

60 views

One Comment to “අධික වේගයෙන් ගිය වෑන් රියක් පාරෙන් පැන කෙලින් හිටගනී.. රියදුරා අතුරුදහන්..”

  1. ලෙබ්බේ says:

    රියදුරා ආලපාලු උන්නැහේගේ සහෝදරයෙක් වෙන්නත් බැරි නැහැ,

Main News