අධික වේගයෙන් ධාවනය වු ගිලන් රථයක් වාහන තුනක් හප්පමින් නිවසකට කඩා වදී…

July 23, 2022 at 2:02 am | lanka C news
අධික වේගයෙන් ධාවනය වු ගිලන් රථයක් වාහන තුනක් හප්පමින් නිවසකට කඩා වදී…

නාවලපිටිය සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට අයත් ගිලන් රථයක් ත්‍රිරෝද රථ තුනක් අනතුරට පත් කර පලා යමින් සිටියදි ගිලන් රථය නිවසක් අසලට ගොස් අනතුරට පත් වි නතර වි ඇත.

(22) දින පස්වරු 4.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් අලුත්ගම ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ගිලන් රථයට හැටන් එම්.ආර් නගරයේදි ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබු ත්‍රිරෝද රථ දෙකක් ප්‍රථමයෙන් අනතුරට පත් කර ගිලන් රථය නොනවත්වා ධාවනය කිරිමේදි හැටන් අලුත්ගම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු තවත් ත්‍රිරෝද රථයක ගැටි ගිලන් රථය නතර වි ඇත.

ගිලන් රථයේ රියදුරා අධික ලෙස බිමත්ව ගිලන් රථය ධාවනය කර ඇති බවත්, නිවස අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයේ ගිලන් රථය ගැටෙන අවස්තාවේ ත්‍රිරෝද රථය අසල සිටි දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මු      ලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ සිට රෝගින් කිහිපදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් භාර දි ආපසු බගවන්තලාව දක්වා ධාවනය කරන අතරතුර මෙම අනතුර සිදු වි ඇත.

ගිලන් රථයේ රියදුරා හැටන්පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , අනතුරෙන් ගිලන් රථයට සහ ත්‍රිරෝද රථ තුනට දැඩි අලාභ හානි සිදු වි ඇත.

අනතුර පිලිබදව හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

16,823 views

One Comment to “අධික වේගයෙන් ධාවනය වු ගිලන් රථයක් වාහන තුනක් හප්පමින් නිවසකට කඩා වදී…”

  1. Gamarala says:

    ගොට ගෝ ගමට පහරදුන් අයට මේ ගමන ගියානම් මේ යකා වීරයෙක්

Main News