අධික වේගයෙන් ධාවනය වු ත්රිරෝද රථයක් මාර්ගයේදි ගිනිගනී..
March 20, 2019 at 8:02 am | lanka C news
නාවලපිටිය සිට නවලපිටිය කඩියන්ලෙන දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්රිරෝද රථයක් ප්රධාන මාර්ගයේදි ගිනිගෙන විනාශ වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය තලවකැලේ ප්රධාන මාර්ගයේ කඩියන්ලෙන පාලම අසලදිය.
නාවලපිටියේ සිට කඩියන්ලෙන දක්වා මගියෙකු රැගෙන ධාවනය වෙමින් තිබු ත්රිරෝද රථයේ හදිසියේ ඇති වු විදුලි කාන්දුවක් මෙම ගිනි ගැනිමට හේතු වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසුවේය.
ගින්නෙන් ත්රිරෝද රථයේ ගමන් රියදුරාට සහ මගියාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවද පොලිසිය පවසයි.
ගින්නෙන් ත්රිරෝද රථය සම්පුර්ණයෙන්ම විනාශ වි ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ