අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් අඩි 100ක ප්රපාතයකට පෙරලේ..
September 16, 2019 at 8:02 am | lanka C news
හලාවත සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවන වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත තරුණයෙක් බරපතල ලෙස තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාල කරු වැඩි දුර ප්රතිකාර සදහා නාවලපිටිය දිස්ත්රික් රෝහල වෙත මාරු කර යැවු බව වටවල පොලිසිය පැවසිය.
15 මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්රදේශයේදිය.
ධාවනය වෙමින් තිබු මොටර් රථය වංගුවක් ගැනිමත් සමග ඉදිරියට ඇදි ගොස් මාර්ගයේ වම් පසින් ප්රපාතයට පෙරලි අඩි 100 පමණ පහලින් වු රොසැල්ල දුම්රිය ස්ථානයට පිවිසෙන ප්රධාන මාර්ගයට ඉහලින් ගසක රැදි මොටර් රථය නතර වි ඇත.
විනෝද චාරිකාවක් සදහා පැමිණි එම තරුණයන් තිදෙනාගෙන් ඉදිරිපස අසුනේ සිටි රියදුරා සහ තවත් තරුණයෙක් ආසන බද පටි පැලද සිටි ඇති බවත්, මොටර් රථයේ පිටුපස ගමන් ගත තරුණයා ආසන පටි පැළද නොමැතිව ගමන් කිරිම නිසා අනතුරෙන් ඔහු තුවාල ලබා ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේය.
අනතුරෙන් මොටර් රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.
ඉක්මන් කොට බව අමතක විමේ ප්රතිපල