අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක ගැටි මගියෙකු ජිවිතක්ෂයට [CCTV Video]

June 14, 2019 at 12:40 pm | lanka C news
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක  ගැටි  මගියෙකු ජිවිතක්ෂයට [CCTV Video]

අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක ගැටි ප්‍රධාන මාර්ගය හරහා මාරු වෙමින් සිටි මගියෙකු  ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ නගර සතොස ශඛාව අසලය.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේ පදිංචි සුබ්‍රමණියන් ජෙයරාජ් නැමති  47 හැවිරිදි දෙදරු පියෙකි.

අධික වේගයෙන් ධාවනය වි ඇති යතුරුපැදියට ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටි මගියා ගැටි අඩි කිහිපයක් ඉදිරියට විසි වි මගියා  බරපතල ලෙස තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඔහු වැඩි දුර ප්‍රතිකාර සදහා නුවරඑලිය මුලික රෝහල වෙත මාරු කර යැවිමේදි ඔහු ජිවිතක්ෂයට පත් වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේය.

යතුරුපැදිකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, යතුරුපැදිකරුගේ  අධික වේගය අනතුරට හේතු වි ඇති බවත්, සැකකරු නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව තලවකැලේ පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

19,841 Viewers

2 Comments to “අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක ගැටි මගියෙකු ජිවිතක්ෂයට [CCTV Video]”

  1. Love nature says:

    “නිවන් සැප ලැබේවා

  2. john says:

    Traffic Police is responsible. Its high time 2 and 3 wheelers are restricted to left edge of the road. Currently the police allow them any graphic shape of driving lane and has become a menace for other drivers. overaking on any side and driving on the wrong side had become their norm by now and they even insult any oncoming vehicle obstructing them on wrong track !!!

Main News