අධික වේගයෙන් මුහුණට මුහුණ ගැටි බරපතලයි..

November 24, 2018 at 6:47 pm | lanka C news
අධික වේගයෙන් මුහුණට මුහුණ ගැටි බරපතලයි..

අධික වේගයෙන් ධාවනය වු යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් යතුරුපැදිකරුවන් දෙදෙනම බරපතල ලෙස තුවාල ලබා කොටගල රෝහල වෙත ඇතුලත්කිරිමෙන් පසු තුවාලකරුවන් දෙදෙනා වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව දිඹුල පොලිසිය පැවසිය.

අද (24) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදිය.

යතුරුපැදි දෙකම ප්‍රතිවිරුද්ධ දිශාවෙන්   අධික වේගයෙන් ධාවනය කිරිම හේතුවෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි  අනතුර පිලිබද පරික්ෂණ පවත්වන දිඹුල පොලිසිය කියා සිටින්නේ.

අනතුරෙන් යතුරුපැදි දෙකටද බරපතල ලෙස අලාභ හානි සිදු වි ඇත.

– රංජිත් රාජපක්ෂ

30 views
Main News