අධික වේගය නිසා තරුණයින් දෙදෙනෙකු මිය යයි.. තවත් අයෙකුට බරපතලයි..

August 21, 2020 at 8:40 am | lanka C news
අධික වේගය නිසා තරුණයින් දෙදෙනෙකු මිය යයි.. තවත් අයෙකුට බරපතලයි..

කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරුකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

කිලිනොච්චිය පුදුමුරිප්පු ප්‍රදේශයේ සිට කනකපුරම් දෙසට යතුරුපැදියක් ධාවනය කොට ඇති අතර එකම යතුරුපැදියේ තරුණයින් තිදෙනාම ගමන්කොට ඇති බවටත් එහිදී යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කිරීමේදී කනකපුරම් මහවිරු සුසානභූමිය ආසන්නයේදී වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කනුවක වැදී මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

මේ අනුව අනතුරින් තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවටත් බරපතල තුවාල ලැබූ අනෙක් තරුණයා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යැවූ බවට පොලීසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ කෝනාවිල් ශාන්තිග්‍රාමම් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි ඥානකුමරන් ක්‍රිෂාන්තන් හා ඉරමනාදපුරම් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සර්වනාදන් පවික්ෂන් නැමති තරුණයින් බවට අනතුර සමබන්ධයෙන් පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,330 views

2 Comments to “අධික වේගය නිසා තරුණයින් දෙදෙනෙකු මිය යයි.. තවත් අයෙකුට බරපතලයි..”

  1. Sakkli Vigneshvaram says:

    Yeka, boyes lage waradda name, yeka Sihalayage tma weradda

    Adi punda…. Amma Hukka

  2. Ananda says:

    Mahaviru susanabumi koheda lankawe a thiyenne rata wanasapu kalaknni waladapu than

Main News