අධික වේගය නිසා තරුණයින් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වේ..

June 2, 2019 at 12:30 pm | lanka C news
අධික වේගය නිසා තරුණයින් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වේ..

කිලිනොච්චිය මුරුගණ්ඩි මන්සන්ධියේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

ඒ-9 මාර්ගයේ අධික වේගයකින් තරුණයින් දෙදෙනෙකු ගමන් ගත යුතුරු පැදිය කිලිනෝච්චිය මුරුගණ්ඩි මන්සන්ධියේදී නවතා තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

අධික වේගය හේතුවෙන් නවතා තිබූ බස් රථය පසු කර යාමට ගත් උත්සහයකදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථයේ පටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටත් බරපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනො රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය බවට පොලීසිය පැවසීය.

අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය උච්චිපුලත්තෙයි ප්‍රදේශයේ පදිංචි කන්දසාමි ගජානන්දන් හා කුමාර් තනූසන් නැමති තරුණයින් දෙදෙනෙකු වන අතර කිලිනොච්චිය පොලීසිය සිද්ධිය සමබන්ධයෙන් වැඩි දුර පරික්ෂණ සෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,881 Viewers

One Comment to “අධික වේගය නිසා තරුණයින් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වේ..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News