අධික වේගය නිසා රිය අනතුරකින් පාසල් සිසුන් 04ක් ඇතුලු 05ක් තුවාලයි..

June 7, 2019 at 8:02 am | lanka C news
අධික වේගය නිසා රිය අනතුරකින් පාසල් සිසුන් 04ක් ඇතුලු 05ක් තුවාලයි..

යාපනය කොට්ඨඩි ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් සිව් දෙනෙකු ඇතුලු 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවට යාපනය පොලීසිය පවසයි.

පාසල් සිසුන් පරිසක් මෙම අනතරට ලක්ව ඇති අතර එහිදී ත්‍රී රෝද රථයක් අධික වේගයකින් පැමිණ ඇති අතර එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකුද යට කරමින් තවත් පාසල් සිසුන් දෙදෙනෙකු පියා සමග යතුරුපැදියක ගමන් කර සිටියදී අදාල යතුරු පැදියේද ගැටී ත්‍රී රෝද රථය යතුරුපැදියද සමගින් කානුවකට පෙරලී ඇත.

එහිදී යතුරුපැදියේ ගමන් කළ සිසුන් දෙදෙනා හා ඔවුන්ගේ පියාද මාර්ගයේ ගමන් කරමින් සිටි සිසුන් දෙදෙනෙකුද බරපතල තුවාල ලබා යාපනය මහරෝහලට ඇතුලත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගනු ලැබීය.

අනතුරින් පසුව ත්‍රී රෝද රථයේ රියදුරුට අසල්වාසීන් විසින් පහරදීමට උත්සහ දරා ඇති අතර එහිදී යාපනය පොලිස් නිලධාරීන් විසින් ත්‍රී රෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන වැඩි දුර පරික්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,675 Viewers

One Comment to “අධික වේගය නිසා රිය අනතුරකින් පාසල් සිසුන් 04ක් ඇතුලු 05ක් තුවාලයි..”

  1. Love nature says:

    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉක්මන් වෙන්නත් එපා. ඉක්මනින් වැඩ කරවා ගන්නත් එපා කියලා. එහෙම වුණොත් අන්තිමට සිද්ධ වෙන්නෙ දුකක්. තමා ඉක්මන් වුණොත් කරදර පීඩා බහුල වෙනවා. ඉක්මනින් වැඩ කරවා ගත්තොත් අලාභහානි, විපත් වැඩි වෙනවා. එනිසා ඉක්මන් වෙන්නත් එපා. ඉක්මනින් වැඩ කරවා ගන්නත් එපා. එහෙම වුණොත් අනර්ථයක් සිදු වෙනවා කියලා බුහුරදුන් වදාළා. මේක අප පාඩමකට ගත යුතුයි. ඉක්මන් වුණොත් අනතුරු බහුල වෙනවා. සිහිකල්පනාවෙන් ගමන ඉක්මන් කළොත් අපට කිසිම කරදරයක්, පීඩාවක් ,බාධාවක් , අනතුරක් වෙන්නෙ නෑ.

Main News