අධික වේගය නිසා රෝදයක් ගැලවී යයි.. වෑන් රථය ප‍්‍රපාතයේ..

February 10, 2019 at 8:02 am | lanka C news
අධික වේගය නිසා රෝදයක් ගැලවී යයි.. වෑන් රථය ප‍්‍රපාතයේ..

මිනුවන්ගොඩ සිට හැටන් කොටගල දක්වා අධික වේගයෙන් ධාවනය වු වැන් රථයක් අඩි 25 පමණ තේ වත්තේ ප්‍රපාතයකට පෙරලිමෙන් එම වැන් රථයේ රියදුරා තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

ඊයේ (09) රාත්‍රි 7 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සැටැඩන් වත්ත් ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වෙමින් පැවති වැන් රථයේ දකුණු පස පිටුපස රෝදය එකවර ගැලවි යාමත් සමග වැන් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව වැන් රථයට ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසීය.

අනතුර සිදුවන අවස්තාවේ ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් පැවති බවත්, වැන් රථය අනතුරට පත් වන අවස්තාවේ වැන් රථයේ රියදුරා සහ එක් කාන්තාවක් සහ එක් තරුණයෙක් ගමන් ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

අනතුරෙන් ඔහුන් දෙදෙනාට කිසිදු තුවාලයක් සිදු වි නොමැති බවත්, අනතුරට පත් වැන් රථයේ ගමන් ගත් අය හැටන් කොටගල ප්‍රදේශයේ සංචාරයක් සදහා  පැමිණෙමින් සිටියදි මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,513 Viewers

Leave a Comment

Main News