අධික සුලං නිසා ගස් කඩා වැටී මාර්ග අවහිර වෙයි..

August 20, 2018 at 8:02 am | lanka C news
අධික සුලං නිසා ගස් කඩා වැටී මාර්ග අවහිර වෙයි..

වව්නියාව දිස්ත්‍රීක්කයට පවතින අධික සුලං හේතුවෙන් ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ගමනාගමනයට බාධා සිදු වන බවට ජනතාව කියා සිටිති.

වෙනත් වසරවලදී නොමැති අයුරින් මේ දිනයන්හි සුලං වේගය වැඩි වී ඇති අතරම මේ හේතුවෙන් දෛනික ජන ජීවිතයටද බලපෑම් සිදුව ඇති බවටද වැසියන් කියා සිටිති.

වව්නියාව මන්නාරම් මාර්ගයටද වව්නියාව නගර මධ්‍යෙය්දී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා සිදුවූ අතර එලෙසින් ගම්බද මාර්ග කිහිපයකද ගස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා සිදු වූ බවට ගම්වාසීන් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,575 Viewers
Main News