අධික සුළග නිසා පාසැලට බඹර වදයක් කඩා වැටේ… සිසුන් 11ක්, ගුරුවරයෙකු රෝහලගත කෙරේ..
July 12, 2018 at 12:40 pm | lanka C news
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ආරමුගම් මහවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් 11 දෙනෙකුට හා ගුරුවරයෙකුට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඊයෙ (11) දින එම පිරිස් රෝහලගත කළ බවට පාසලේ විදුහල්පති වරයා කියා සිටියේය.
ආරුමුගම් විදුහලේ දෙවන මහලේ බැඳතිබූ බඹර වදයක් පැවති අධික සුලං තත්වය හේතුවෙන් කඩා වැටීමත් සමග පාසලේ සිටි සිසුන් බඹර ප්රහාරයන්ට ගොදුරු වී ඇති අතර බඹර ප්‍රහාරය එල්ලවීමත් සමග සිසුන් අතර නොසන්සුන්තාවයක්ද ඇති වී තිබෙන අතරම එම අවස්ථාවේදී පාසලේ විදුහල්පති වරයා ඇතුලු ගුරුවරුන් එක්ව පාසල් ළමනු ආරක්ෂිත ස්ථාන කරා යොමු කොට ඇති අතර ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන අවස්ථාවේදී එක් ගුරුවරයෙකු බඹර ප්‍රහාරයට ලක්ව ඇත.
බඹර ප්‍රහාරයයට ලක් වූ පාසල් සිසුන් හා ගුරුවරයා ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුලත් කොට ඇති අතර පාසල් ළමුන්ගේ සහ ගුරුවරයාගේ තත්වය බරපතල නොවන බවටද එඩ්ඩුසුඩාන් රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටි අතරම අදාල පාසලේ බඹර වදය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවටද පාසලේ විදුහල්පතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
පඹයාගේ කල්කිරියාව නිසා දේව ශාපය