අධිබලැති ක්ලේමෝ බෝම්බයක් හමුවෙයි….

October 4, 2021 at 2:19 am | lanka C news
අධිබලැති ක්ලේමෝ බෝම්බයක් හමුවෙයි….

යාපනය කෝපායි ප්‍රදේශයේ වැසියෙකු පුරන් වූ කුඹුරක් සී සාමින් සිටයදී පොළව යටතිබී අධිබලැති ක්ලේමෝ බෝම්බයක් හමු වී ඇතැයි කෝපායි පොලීසිය පවසයි.

කෝපායි ප්‍රදේශයේ පදිංචි ගොවියෙකු විසින් සිය පුරන් වූ කුඹුර සී සාමින් සිටින අවස්ථාවේදී පොළව යටින් යකඩ පෙට්ටියක් වැනි යමක් මතුවීමෙන් ඒ පිළිබඳව කෝපායි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව අදාල ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කොට ඇත.

එහිදී අනාවරනය වී ඇත්තේ වලදමා තිබූ අධිබලැති ක්ලේමෝ බෝම්බයක් බවටත් එය කිලෝ 15 ක් පමණ බරින් යුක්ත වන බවටද එය යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමන්නට ඇති බවට සැක පලක බවද පොලිසිය පැවසීය.

සොයාගත් ක්ලේමෝ බෝම්බය අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,932 views

6 Comments to “අධිබලැති ක්ලේමෝ බෝම්බයක් හමුවෙයි….”

  1. Suranjan says:

    දැන් ආයෙ කොටි නැගිටිනවා…

    😂😂😂😂

  2. Jagath says:

    ආයෙත් රට බේරගන්න අවසන් අවස්ථාව ඇවිල්ල

    • Unlimited Fun says:

      හා දැන් මතක් උනේ.. පළාත්සභා ජන්දය ළඟදීම එනවා.
      ඔය මදි.. කෝ මාවනැල්ලේ බුදු පිළිම නිව්ස්? ඒවත් ඕනේ මේවගේ වෙලාවට

  3. මරා... says:

    බුදු අම්මෝ….කොටි නැගිටිනෝ….රාජපක්ශලා නැතිව බැරියෝ……

  4. ගෞම් ඊයාරාජ් says:

    ඊයේ රෑ ඉටත් වඩා අධිබලැති බොම්බයක් රිලීස් උනා , එකේ නම පැන්ඩොරා පේපර්ස් . හොරුන්ගේ කෙරුවාවල් වලින් දශමයක් විතර මාට්ටූ. 😂😂

  5. සවි අරික්කාල says:

    බුදු අම්මෝ…මෙන්න ආයිත් කොටි නැගිටිනවෝ..වෝ..වෝ..වෝ..පලාත් සභා ඡන්දය ඵන වෝ..වෝ..අපි ව බේරගන්න නෝ..නෝ..

Main News