අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 52 ක් මුලතිව්හිදී අල්ලයි..

November 20, 2019 at 5:30 pm | lanka C news
අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 52 ක් මුලතිව්හිදී අල්ලයි..

අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 52 ග්‍රෑම් 500 ක් රහසිගතව ලඟතබා සිටි සැකකරුවෙකු මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය  පවසයි.  

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් පිරිසක් විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති අතර එහිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්ණ කිරීමේදී ඔහු විසින් සඟවා තබන ලද අදාල පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

අදාල පුපුරණද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ලඟ තබා ගැනීමට හේතුව මෙතෙක් හෙලි වී නොමැති අතර ඒ පිළිබඳව වැඩි දුර විමර්ශනයක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර විසින් සිදු කරන අතර අත්අඩංගුවට ගත් පුපුරණද්‍රව්‍ය තොගය හා සැකකරු වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා පුදුකුඩිඉරිප්පු පොලීසිය වෙතට භාර දීමට යාපනය පොලිස් විශේෂ කාර්යා බලකා නිලධාරීන් පියවර ගනු ලැබීය.

මේ අනුව අදාල සැකකරු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අබවටද පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

36,327 Viewers

6 Comments to “අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 52 ක් මුලතිව්හිදී අල්ලයි..”

  1. Nim says:

    SAMADANA TA THIYAGENA

  2. Please do further investigations and kindly protect our country.

  3. Sir, Mr. YE, Hon.GR, pls be attentive and also vigilant concerning the on going situation in the country. If not, extremists may slim mud on our hard dedicated effort.

  4. අක්බාර් ලොක්කා says:

    ඇන්ටන් බාලසිංහම් ගේ අනුප්‍රාප්තිකයා සුමන්දිරන් පිටුපස බුද්ධි අංශ යොදවන්න

  5. Ohio says:

    මාර්තු මහ ජන්දෙ වෙනකම් ජාතික ආරක්ෂාව අනතුරේ.එතකල් ඔයිට වඩා තව දේවල් ලැබෙනවා.

Main News