අධිබලැති පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් අල්ලා අත්අඩංගුවේ..
July 11, 2017 at 2:08 am | lanka C news
මුලතිව් කොක්කුතුඩුවායි මුහුදු තීරයේදී මසුන් මැරීම සඳහා වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොක්කුතුඩුවායි මුහුදු තීරයේදී මුලතිව් නයාරු නාවික අණු කණ්ඩයට අයත් නාවික නිලධාරින් විසින් අදාල ධීවරයින් අධිබලැති පුපරණද්රව්ය යොදා මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
එම ධීවරයින් අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී ඔවුන් සතුව තිබී වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය බවට සැකකෙරෙන කූරු 25ක් සොයාගෙන ඇති අතර එම වෝටර්ජෙල් කූරු හා සැකකරුවන් මුලතිව් පොලීසිය වෙතට භාරදීමට නාවික හමුදාව කටයුතු යොදා තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ