අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් හමු වෙයි…

May 5, 2019 at 4:40 pm | lanka C news
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් හමු වෙයි…

මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැතී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සහ විද්‍යුත් පරිපත තොගයක් තිබී මන්නාරම පොලීස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.

ශාන්තිපුරම් ප්‍රදේශයේ පිහිටි කැලෑවකට ප්‍රදේශවාසියෙකු ගිය අවස්ථාවකදී අදාල පාර්සලය දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට පැමිණ මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

එහිදී පොලිතීන් උරයක තිබී පුපුරණද්‍රව්‍ය කිලෝ 12 ක් හා කාල විරාම පරිපත 6 ක් තිබී හමු වී ඇති අතර අදාල කාල විරාම පරිපත එම ස්ථානයේදී නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.

කිසියම් පුද්ගලයෙකු විසින් අදාල කැලෑබද ප්‍රදේශයට මෙම පුපුරණදුව්‍ය තොගය ගෙනවිත් දමන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටි අතර සොයාගත් පුපුරණද්‍රව්‍ය තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසියට භාර දී ඇත

– වන්නි රොමේෂ් මධුෂංඛ

33,320 Viewers

One Comment to “අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් හමු වෙයි…”

  1. JOHN says:

    මහනුවර අවට මුස්ලිම් පල්ලි ඇතුළු කඩ සාප්පු වෙළද ව්‍යාපාරවල් ,මුස්ලිම් ,දෙමළ ගෙවල් පරික්ෂා නොකරන්නේ මන්ද ?
    මහනුවර මත් කුඩු බෙදාහරින්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ දමිළ ජාතිකයන්ගේ එකමුතුවෙන් ….
    නුවර විදිය , යටිනුවර විදිය , රජ විදිය ,කොලබ විදියේ කුඩා කඩසාප්පු පරික්ෂා කල යුතුයි …මහාපරිනාමයෙන් විදේශීය මුදල් හොරෙන් මාරු කිරීම සිදු කෙරේJ

Main News