අධිවේගයෙන් ගිය යතුරු පැදිය විදුලි කණුවක හැපේ.. එතැනම මියයයි..

April 16, 2019 at 5:30 pm | lanka C news
අධිවේගයෙන් ගිය යතුරු පැදිය විදුලි කණුවක හැපේ.. එතැනම මියයයි..

යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පේදුරුතුඩුව පොලීසිය පවසයි.

පොලිසිය පැවසුවේ පේදුරුතුඩුව සිට නෙල්ලිඅඩි දක්වා යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුගේ යතුරුපැදිය අධික වේගය හේතුවෙන් වේගය පාලනය කරගැනීමට නොහැකිව යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කනුවක ගැටී සිදුවු අනතුරකින් අයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරින් පේදුරුතුඩුව දෙවන පටුමඟ ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන වයස අවුරුදු 38 ක් වන එම්.පුවිකරන් නමැත්තෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

අනතුරට ලත් පුද්ගලයා යාපනය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව ඇති බවද පරික්ෂණ සිදු කරන පොදුරතුඩුව පොලිසිය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

84 views
Main News