අධිවේගයේ චණ්ඩි නොන්ඩි වෙයි.. සියළු දෙනා අත්අඩංගුවට.. වැලිකඩින් අවුරැදු කෑම….

April 13, 2021 at 10:40 am | lanka C news
අධිවේගයේ චණ්ඩි නොන්ඩි වෙයි.. සියළු දෙනා අත්අඩංගුවට.. වැලිකඩින් අවුරැදු කෑම….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරි ආකාරයෙන් මෝටර් රථයක් පැදවූ රියදුරා සහ සෙසු සැකකරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත් පිරිස මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18-20 අතර පිරිසක් බවයි.

අදාල මෝටර රිය පැදවූ තරුණයා 22 වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති පැවසූ ඔහු මෝටර් වාහන ආඥා පනත අනුව සෙසු පිරිස චෝදනා ගොනු කර අධිකරණයට හමුවට පමුණුවන බවද කියා සිටියේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තව දුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

36,832 views

22 Comments to “අධිවේගයේ චණ්ඩි නොන්ඩි වෙයි.. සියළු දෙනා අත්අඩංගුවට.. වැලිකඩින් අවුරැදු කෑම….”

  1. Dimple kupadiya says:

    මේ මුස්ලිම් කොල්ලෝ අවුරුදු කන්නේ නෑ. වැලිකඩ යැව්වට උන්ට අවුරුදු කන්න බෑ.

  2. Bstta says:

    එතකොට බිග් මැච් කාලෙට ගහන සවාරි කොහොමද ?
    මුන් තම්බි නිසාද ?😱😱😱😱

    • ගමයා says:

      මොන ජාතියේ වුනත් කරපු වැඩෙි වැරදියි 100kmph වෙිගයෙන් යන වාහන වලින් මෙිවගේ බුරැ වැඩ කරහම තමනුත් අනිකුත් අයත් අමාරැවෙි වැටෙනවා ඉස්කොල වල ලමයි හයිවෙි එකේ මෙිවගේ යන්නේ නැහැනේ

  3. Ravi k says:

    Akurana sinhala unuth innawa.
    Kauru kalath dedi daduwam denna one

Main News