අධිවේගයේ රියදුරෙකු පොලිස් නිලධාරියෙකුට පහර දේ…

April 14, 2021 at 12:40 pm | lanka C news
අධිවේගයේ රියදුරෙකු පොලිස් නිලධාරියෙකුට පහර දේ…

අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ රාජකාරි කළ පොලිස් නිලධාරියෙකුට මෝටර් රථයක රියදුරකු විසින් පහරදී තිබේ.

අධිවේගී මාර්ගයට මෝටර් රථයක් ඇතුළු කිරීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියා විසින් ඔහුට රියැදුරු ආසන පටිය පැලද ගන්නැයි උපදෙස් දීම මත මෙම පහරදීම සිදු කර ඇත.

මේ හේතුවෙන් එම රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

20,499 views

5 Comments to “අධිවේගයේ රියදුරෙකු පොලිස් නිලධාරියෙකුට පහර දේ…”

  1. Citizen says:

    ලන්කාවෙ වනචාරීන්ට දියුණු සම්ප්‍රදායන් හරියන්නෙ නැහැ .

    • දෙකපුන සිටිසන් says:

      සුද්ද දුන්නොත් සමාජ රෝගයක් උනත් උසස් වෙන උන්ට පක්කලිකං කරන තවත් ගෙරියෙක්

  2. ලැජ්ජයි හලෝ....!😪😢😪😢 says:

    ඒකා ගැහුවේ පොලිස් නිළධාරියාට නොවෙයි….!!
    පොලිස් නිළ ඇඳුමට හා පොලිස් ලාංචනයට…
    ඒවගේම පොලිස්පති තුමාට….
    මොකද එයත් ඔය යුනිෆෝම් එකමනේ අඳින්නේ…..
    බලමු මොකක්ද අපේ පොලිස් ප්‍රකාශක
    කියන්න යන්නේ කියලා…!
    ලැජ්ජයි හලෝ….!

  3. 😪😪😪😪😪😪 says:

    ‘‘අවුරුදු චාරිත්‍ර මෙන්ම කොරෝනා නීතිත් රකින්න‘‘
    -නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ-

    ඔය යසට රැකලා රටටම පෙන්නුවේ.. ආයිබොං !!

  4. Sirimal says:

    The police are so indeciplened that most of the peace loving law abiding citizens hate policemen as abusive language is part of their vocabulary expect to be “sir” and think we must respect them as we are slaves.

Main News