අධිවේගයේ වැඩ ඇන්නූ දයා ගමගේගේ ඔලිම්පස් පන්නා දමයි…

May 31, 2021 at 7:25 pm | lanka C news
අධිවේගයේ වැඩ ඇන්නූ දයා ගමගේගේ ඔලිම්පස් පන්නා දමයි…

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන අදියරේ ඉදිකිරීම් ප්‍රමාද කළ යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන දයා ගමගේට අයත් ඔලිම්පස් ( olympus ) ඉදිකිරීම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔලිම්පස් (Olympus) කොන්ත්‍රාත් සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අවස්ථා කිහිපයකදීම ඔවුනට අවවාද කළත් දිගින් දිගටම ඔවුන් ඉදි කිරීම ප්‍රමාද කිරීම නිසා කැබිනට් රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ තීරණය ගත් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

මාර්ග ඉදිකිරීම සදහා අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දී තිබියදීත් ඔවුන්ගේ ඉදිකිරීම්වල ප්‍රමාදය නිසා සැළසුම් කළ දිනට මෙම අධිවේගී මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමට නොහැකි වූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි .

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

53,582 views

13 Comments to “අධිවේගයේ වැඩ ඇන්නූ දයා ගමගේගේ ඔලිම්පස් පන්නා දමයි…”

  1. දිගාමඩුල්ලෙ පොඩිරාළහාමි says:

    දයා ගමගේ UNP ය විනාශ කළ එකෙක්. මූ අත දිගහැර සල්ලි විසිකර අමිපාර හිටි අවංක, වැදගත් දේශපාලනඥයෙක්වූ පී.දයාරත්නට කැපුවා. නොයෙක් ඩීල් දදා අති විශාල ධනවතෙක් උනා. UNP යට අත දිගහැර වියදමිකර රනිල් වික්‍රමසිංහ හීලෑකර ගත්තා. රනිල් හරහා දිගාමඩුල්ලේ UNP දේශපාලනය මූට උවමනා විදියට හසුරැවගත්තා. මූට පමණක් නෙවෙයි හරකුන්ට වෙදකමිකළ මුගේ විරෑපී ගෑණිටත් ඇමතිකමක් ගත්තා. රනිල් මූ ගහන, ගහන පදේට නැටුවා. එපමණක් නොවෙයි රනිල්ට බලපෑමිකර මුගේ ලඟ වැඩකළ නිහාල් සූරියආරච්චි නමැති ගොබිලයා RDA සභාපති හැටියට පත්කර ගත්තා. UNPයත් කෑවා, RDA එකත් කෑවා. රටත් කෑවා. දැන් මුගේ කොමිපැණි දස අතේ ණයවෙලා. සේවකයින්ට වැටුප් ⁣ගෙවන්නේත් නැහැ. UNP යේ මහලේකමි තනතුරටත් ට්‍රයිකළා. දැන් සල්ලි නැති නිසා මූට රනිල් සලකන්නෙත් නෑ. RDA එකෙන් මුගේ පුතාගෙ කොමිපැණිය ලබාගෙන ඇති අතිවිශාල මුදල් ආපසු ලබාගැනීමට නඩු පැවරිය යුතුයි. දෙමාපියන් කැබිනටි මණ්ඩලයේ සිටිනවිට දරැවන්ට හෝ කිටිටු ඥාතීන්ට රජයේ කොන්ත්‍රාත් කිරීම තහනමි කිරීමට නීති සමිමත කර, එසේ කර ඇති එවුන්ගේ ප්‍රජා අයිතිය මුළු ජීවිත කාලයටම තහනමි කළ යුතුයි.