අධිවේගය මරු කැදවයි.. තුන් දෙනෙක් මරුට.. 05ක් රෝහලේ..

July 29, 2019 at 8:40 am | lanka C news
අධිවේගය මරු කැදවයි.. තුන් දෙනෙක් මරුට.. 05ක් රෝහලේ..

මැදවච්චිය අනුරාධපුර ඒ-9 ප්‍රධාන මාර්ගයේ  වහමළුගොල්ලෑව ගැමුණු විද්‍යාලය අසල ඊයේ (28) රාත්‍රියේ සිදු වු රිය අනතුරකින් තිදෙනෙක් මිය ගොස් තවත් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට මැදවච්චිය පොලීසිය පවසයි.

අනුරාධපුර සිට යාපනය දෙසට ධාවනය වු සුභෝපබෝගී පුද්ගලික බස් රථයක් මැදවච්චිය සිට දඹුල්ල දෙසට ධාවනය වු ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

අනතුරින් බස්  රථයේ ගමන් ගත් අට දෙනෙකු බරපතල තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තිදෙනෙකු මිය ගොස් ඇත.

බස් රථයේ පැමිණි පිරිස් විදෙස්ගතව සිට නැවත යාපනය දෙසට යමින් සිටි පිරිසක් බවටද තොරතුරු පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

අනුතරින් මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනයේ පදිංචි අවුරුදු 53ක්  වු පිරිමි පුද්ගලයෙක්, 30 හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙක.

අනතුරින් බරපතල තුවාල ලැබූළුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතට මාරුකොට යාවා ඇති අතර තුවාලකරුවන් අතර කාන්තාවක්, පිරිමි පුද්ගලයෙක් සහ ගැහැණු ළමයි දෙදෙනෙක් සහ පිරිමි ළමයෙක් සිටියි.

අනතුරින් මිය ගිය අයගේ මෘත ශරිර මැදවච්චි රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇති හෙයින් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා මැදවච්චිය පොලීසියෙන් පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14 views

One Comment to “අධිවේගය මරු කැදවයි.. තුන් දෙනෙක් මරුට.. 05ක් රෝහලේ..”

  1. john says:

    According to this Journalist writing.. The bus also hospitalised.!

Main News