අධිවේගය මරු කැදවයි.. යතුරු පැදි අනතුරෙන් තුරුණයෙක් මරුට.. තවත් තරුණයෙකුට බරපතලයි..

August 14, 2018 at 8:02 am | lanka C news
අධිවේගය මරු කැදවයි.. යතුරු පැදි අනතුරෙන් තුරුණයෙක් මරුට.. තවත් තරුණයෙකුට බරපතලයි..

යාපනය, කෝපායි, ඉරුපාලෙයි ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව ‍යාපනය කෝපායි පොලීසිය පැවසීය.

කෝපායි පොලීසිය පැවසූවේ අධික වේගයෙන් ගමන් කොට ඇති යතුරුපැදි දෙකක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවටයි.

යාපනය කෝපායි උතුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි නඩරාසා ප්‍රසන්නා නමැති පුද්ගලයෙකු අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පැවසීය.‍

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ අනතුරින් තුවාල ලැබු පුද්ගලයා මේ වන විට යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර අධික වේගය ‍අනතුරට හේතුවි ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

155 views
Main News