අධිවේගී මාර්ගයට පැන්න අයෙක් වාහනයක හැපී එතැනම මිය යයි..

December 21, 2019 at 12:40 pm | lanka C news
අධිවේගී මාර්ගයට පැන්න අයෙක් වාහනයක හැපී එතැනම මිය යයි..

දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වූ පුද්ගලයෙකු එහි ගමන් ගත් වෑන් රථය හැපී මිය ගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ පිවිසුම ආසන්නයේදීය.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා එක්වරම අධිවේගී මාර්ගයට පිවිසීම හේතුවෙන් වේගයෙන් ගමන් ගත් වෑන් රථයේ ඉදිරිපස ගැසී කානුවට වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් පමන වන පුද්ගගයෙකි.

138 views

13 Comments to “අධිවේගී මාර්ගයට පැන්න අයෙක් වාහනයක හැපී එතැනම මිය යයි..”

  1. බන්ඩා says:

    ඇය් වෑන් රියදුරා අත්අඩංගුවට ගත්තේ? වැරැද්ද අධි වේගී මාර්ගයට පිවිසුන මිනිහගෙය්.

    • Kadiya says:

      නිවැරදිදේනම් අධිවේගී මාර්ගයට ඇතුල්වුණ මිනිහගේ පාර්වශවයෙන් වාහනේට වන්දි ලබාදිය යුතුයි.

    • Saman says:

      දැන් එහෙම තමා. ලයිසන් නැතුව වහනයක් එලවල තරුණයෙක්ව මරාපු ගණින්නාන්සෙ කෙනෙකුටත් ඇප දීල.

  2. Gonsun says:

    Yapalana emathikenekuta hora weda karala hire yannavwei kiyala, divi nethikaraganna pennada balanna

  3. Jagath says:

    The victim could be a mentally handicapped, poor driver will not be punished because the express way is prohibited for pedestrians…

  4. ඔන්න ඕක තමයි මේ රටේ සාමාන්‍ය නීතිය… හරි හෝ වැරදි, අනතුරින් කෙනෙකු දරුනු තුවාල ලබා හෝ මරනයට පත් වී ඇත්නම්, තුවාල නොලැබූ රියදුරන් සියලු දෙනාම අත් අඩංගුවට ගන්නවා.. පොලීසියට ඇප දිය නොහැකියි.. උසාවියට ඉදිරිපත් කළ විට බොහෝ දුරට සති 2 ක් රිමාන්ඩ්.. වාහනයට කෙනෙක් පැන්නත්, පිටුපසින් ඇවිත් හප්පා අනතුර කළත් නීතිය එයයි.. හරි වැරදි තීරනය වන්නෙ උසාවියට පොලිස් වාර්තා ඉදිරිපත් වූ පසුයි..

    අනතුර සිදුවූ වහාම තුවාලකරුවන් මැරෙන්නට හැර පලා යාම, පොලිසියට බොරු කීම, වෙනත් රියදුරකු ඉදිරිපත් කිරීම, සාක්ෂි කරුවන්ට තර්ජනය කිරීම, සාක්ෂි මකා දැමීම…. උසාවිය නොමග යැවීම, උසාවියේ බරපතල උදහසට ලක් වන ක්‍රියා වේ.

    • Dubba says:

      දියුණු රට වල ROAD CROSSING එකෙන් පනින්නේ නැතුව මැරුණත් චෝදනා ගොනු කරන්නෙත් නැහැ

    • 100%ක්ම එකගයි.
      මේව කියවල වත් උසාවි වල ඉන්න උන්ගෙ මොල පෑදේවා..!

  5. වරදට දඬුවම නියතයි says:

    ශ්‍රී ලංකාවේ රථවාහන නීතිය අමනයි, මන්ද බුද්ධිකයි, වැරැද්ද කරපු කාලකන්නියෙක් උඩට අරන් නිවරදිකරුවා පීඩනයට පත්කරණ කාලකන්ණි නීතියක් සහ ක්‍රමයක් තමයි තියෙන්නේ. එකම නිර්ණායකය හානියට පත්වුන පුද්ගලයට සිදුවුන සහ උපකරණවලට ඇතිවන පාඩුවයි. සිද්ධියේදී නීතියට පිටින් ක්‍රියාකරලා තියෙන්නේ කවුද කියල බලන්නේ නැති තරම්. දැන් ඔය මැරුණ මිනිහ වෙනුවෙන් වන්දි ඉල්ලලා රියැදුරා මරන්කන්න අපතයෝ ඕනෑතරම් ඉදිරිපත් වේවි. තුවාල අනුකම්පාව, වන්දි, නීතියේ ආරක්ෂාව ආදී සියල්ලම වැඩි හානියට පත්වුණා කෙනාට ලැබෙනවා.

  6. damian says:

    මිනිසකු මැරුණ නිසා මෙතන නීතිමය කරුණු අනුව වෑන් රියැදුරු අත් අඩංගුවට ගත යුතු අතර පොලිසිය තත්ත්වය නියමාකාරයෙන් ද්ක්වා එදිනම ඔහුට ඇප ලබා දිය යුතුය . එසේ නොවිණි නම් වැරැද්ද පොලිස් නිළදාරීන් ගේය.

  7. එක්කෝ පිස්සෙක්. මන්ද බුද්ධිකයෙක්. නැත්නම් දිවි නසා ගැනීමට ම කළ ප්‍රයත්නයක්.

  8. Sumudu niroshan says:

    නීතියට පටහැනිව කටයුතු කිරීම හොඳ දෙයක් නෙවෙයි. ලංකාවේ නීතිය අනුව කටයුතු කරන එක තමයි හොඳම

Main News