අධිවේගී මාර්ගයෙන් 90%ක් යහපාලන අපි හැදුවා.. මහින්දට හදන්න ඇත්තේ 10%යි..

February 7, 2020 at 6:48 pm | lanka C news
අධිවේගී මාර්ගයෙන් 90%ක් යහපාලන අපි හැදුවා.. මහින්දට හදන්න ඇත්තේ 10%යි..

යහපාලන රජයේ ප‍්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘතියක් වූ මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා ඇති කොටස කඩිනමින් අවසන් කොට විවෘත කරන ලෙස හිටපු මහාමාර්ග අමාත්‍ය පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පාර්ලිමේන්තුවේදි ඉල්ලීමක් කළේය.

අග‍්‍රාමාත්‍යවරයා වාචික ප‍්‍රශ්ණ වල පිළිතුරු ලබාදෙන අවස්ථාවේදි මන්ති‍්‍රවරයා මෙම ඉල්ලීම සිදුකරමින් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ යහපාලන රජය සමයේ මෙම දෙවන කොටසේ ඉදිකිරීම් 90‍% ක් අවසන් කොට තිබූ බවත් ඉතිරි 10‍%ක කොටස කඩිනමින් විවෘත කරන්නේ නම් ජනතාවට නව මාර්ග 02ක් ඔස්සේ මහනුවර පැමිණීමට හැකිවන බවයි.

මධ්‍යම අධිවේගයේ පළමු හා තෙවන කොටස් ඉදිකිරීම් ප‍්‍රමාද නමුත් යහපාලන රජයට ලැබුණු පළමු වරමට මීරිගම සිට කුරුණෑගල දක්වා ඇති 40km කොටසේ 38km ක් අවසන් කොට තිබූ අතර ඉතිරි 2ණප අවසන් කරන්නේ නම්,

කටුනායක අධිවේගි මාර්ගය ‐ මීරිගම ‐ කුරුණෑගල හරහා මහනුවර හෝ
පස්යාල ‐ මීරිගම ‐ කුරුණෑගල ‐ මහනුවර දක්වා

පැමිණිමට හැකි බවත් මේ ඔස්සේ කුරුණෑගල දක්වා පැයකින් ගමන් කළහැකි අතර මහනුවරට යාමට ගතවන කාලය පැය 02කින් පමණ අඩුවන බවද මන්ති‍්‍රවරයා ප‍්‍රකාශ කළේය. දකුණු අධිවේගි මාර්ගය අවසන් කළ හැකි වූයේ එවක රජයට දෙවතාවත් ජනවරම හිමි වූ නිසා බව අවධාරණය කළ මන්ති‍්‍රවරයා පැවසූයේ යහපාලන රජය පළමු වරමට මාර්ගය සිතියම් ගතකිරීම්, ඉඩම් මැනීම් හා පවරාගැනීම්, වෙළඳ වටිනාකම මෙන් දෙගුණයක වන්දි ලබාදීම් ආදි මූලික වැඩකටයුතු සිදුකරමින් දෙවන අදියරේ ඉදිකීරීම් සියයට අනූවකින් අවසන් කළ බවද පැවසීය.

මෙයට පිළිතුරු ලබාදෙමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ මීරිගම ‐කුරුණෑගල කොටසේ ඉදිකිරීම් කඩිනම් කොට මෙම වසරේ අගෝස්තු මස වන විට අවසන් කිරිමට සැලසුම් කොට ඇති බවය.

– midea unit

17,908 Viewers

7 Comments to “අධිවේගී මාර්ගයෙන් 90%ක් යහපාලන අපි හැදුවා.. මහින්දට හදන්න ඇත්තේ 10%යි..”

  1. රටවැසි says:

    පව් අප්පා ! ඒ දවස් වල ඉස්කෝල වල ගනං උගන්නලාම නැහැ . මේ වගේ තව ඈයො ඔය වැවේ ගෙදර ඉන්නවනං ඔක්කොටම අපේ පහේ ටීචර් ට කියලා ගනං උගන්නන්න ඕන .

    • Susil says:

      If money given to your daughter’s consulting firm used, you could have completed the whole new roads you are crying for now. You too deserve to be in jail, one day! It is one of my dream.

  2. Eiffel says:

    මචං කිරා, ඇත්තද බන් මේ වල් කොල්ලො කියන කතා. බලහන්කො මේ වරත්තුවො කියනවනෙ උඹ ගසා කාපු නිසා නුවරට තිබ්බ පාර ගලගෙදරට කොට කරා කියන්නෙ.

    බොරු නේද මචං… මම ඒත් කිව්වා කව්රු එහෙම කළත් උඹ එහෙම කරන්නෑ කියලා…

    • harsha says:

      ගලගෙදර ඉඳන් නුවරට පාර හදන්න බිම්ගෙයක් ඉදිකළ යුතුයි. නමුත් උමා ඔය බිම්ගෙයේ අත්දැකීම් අනුව බිම්ගෙවල් ගැන විරෝධයක් තියෙනවා.

  3. Interchange at Pothuhara is started now and will take 1.5 years to complete. So that Meerigama to Kurunegala will opened after one and half years.

  4. Ranjan says:

    Huraaaah Then next month we can go to Kandy in 2 hrs.

  5. නිමල් says:

    හැදවා නම් හොදයි…ඕක ස්ටේජ් ගානෙ කියවන්න දෙයක් නැහැ…තොපි පාර්ලිමේන්තුවට එව්වේ පුටු රත්කරමින් මහජන මුද්ල් ගසාකන්න නෙවේ රටට වැඩක් කරන්න

Main News