අධිවේගී මාර්ගයේ කෝටි පහක විදුලි රැහැන් හොරෙන් කපා විකුණයි..

August 17, 2022 at 5:30 pm | lanka C news
අධිවේගී මාර්ගයේ කෝටි පහක විදුලි රැහැන් හොරෙන් කපා විකුණයි..

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පොළොව යටින් ඇද තිබූ රුපියල් පන් කෝටි විසි හත් ලක්ෂයක් පමණ වටිනා විදුලි රැහැන් තොගයක් සොරාගෙන ගොස් අලෙවි කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු මහබාගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම විදුලි රැහැන් තොගය මිලදී ගත් බව කියන හැඳල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

විදුලි රැහැන් තොගයේ කොටසක්ද සැකකරුවන් භාරයේ තිබී හමුවී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

25,785 views

5 Comments to “අධිවේගී මාර්ගයේ කෝටි පහක විදුලි රැහැන් හොරෙන් කපා විකුණයි..”

  1. බයිසන් says:

    හොර බඩු සල්ලි දීලා ගන්න එවුන් ඉන්න නිසා තමයි මුන් හොරකම් කරන්නෙ. ඒ නිසා හොර බඩු ගන්න එවුන් උල තියන්න ඕනෑ.

  2. මෙයාල අරගලයේ ඉස්සරහින්ම ඉන්න ඇති .

  3. Shamal says:

    අනිවාර්යයෙන් අරගල කාරයෙක්. මෙච්චර දවසක් පිනට කාල මුන්ට දමා වැලේ වැල් නැතිව ඉන්නේ.

  4. Sweden Man says:

    Aragale kalakanni adu kule para hatta jeppek thamay ithin.

  5. Sagara says:

    ජූනි 9 මංකොල්ල කාරයෙක්

Main News