අධිවේගී මාර්ගවල අනතුරු වලකන්න ගිමන් හරින ස්ථාන හදන්නැයි කියයි…

February 7, 2022 at 6:20 pm | lanka C news
අධිවේගී මාර්ගවල අනතුරු වලකන්න ගිමන් හරින ස්ථාන හදන්නැයි කියයි…

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල මේ වන විට බහුල වශයෙන් රිය අනතුරු සිදු වන අතර 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂය තුල සිදු වූ රිය අනතුරු සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

මාස 6 ක් ඇතුලත අධිවේගී මාර්ග වල සිදුවන රිය අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි .

2021 වසර තුලදී ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයන් වල පින්නදූව , අපරැක්ක , කුරුඳුගහහැතැක්ම, අගුණකොලපැලැස්ස ,අතුරුගිරිය සහ ගැලනිගම යන ස්ථානයන් හිදී මාරක රිය අනතුරු 07 සිදු වී ඇත. එයින් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත. 2021 වර්ෂයේ දී අධිවේගී මාර්ග වල සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 461 වේ.

2020 වර්ෂය තුල අධිවේගී මාර්ග වල මාරක රිය අනතුරු ද සහිතව සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 308 කි. 2020 වර්ෂය තුල මාරක රිය අනතුරු 05 ක් ගැලනිගම සහ කුරුඳුගහහැතැක්මේදී සිදු වූ අතර එයින් 05 දෙනෙකු ජීවිතක්ෂට පත් විය.

අධිවේගී මාර්ග වල සිදු වූ රිය අනතුරු වලින් බහුතරයක් සිදු වී ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා බැවින් රියදුරන්ට අධිවේගී මාර්ග වල ගිමන් හැරීම සඳහා ගිමන් හරින ස්ථාන ඉදිකිරීම කෙරෙහි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමු විය.

බීමත්ව රිය පැදවීම , අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැද වීම , වේග සීමා උල්ලංඝණය කිරීම , ආසන පටි නොපැලඳ ධාවන කිරීම , ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය ධාවන කිරීම , ආදායම් බලපත්‍ර නොමැතිව ධාවන කිරීම වැනි ක්‍රියා සිදු කල රියදුරන් අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව 2021 වර්ෂයේ දී නඩු 79,904 ක් දමා ඇති බවත් 2020 වර්ෂයේ දී දමා ඇති නඩු ප්‍රමාණය 66,252 ක් බවත් මෙහිදී අධිවේගී මාර්ගයේ ස්ථාපිත පොලිස් ඒකක වල නිළධාරීන් විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමණාකරණ අංශයේ සහ අධිවේගී මාර්ග වල ස්ථාපිත කර ඇති පොලිස් ඒකක වල නිළධාරින් සමඟ සාකච්ඡාවක් පසුගිය දා මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

18,252 views

7 Comments to “අධිවේගී මාර්ගවල අනතුරු වලකන්න ගිමන් හරින ස්ථාන හදන්නැයි කියයි…”

  1. Hi says:

    කවුද ඒවා නොහදා කොමිස් ගත්ත Mr 10%?
    අපරාදේ කියන්න බෑ ,යහපාලනෙත් ඒ විදියටම Mr 10% ගමනම ගියා!!!!

  2. සිරිබිරිස් says:

    අධිවේගී මාර්ග පමනක් නොවෙයි. 😡 ලකේ පන්කාවේ වාහන එලවන හැටි 🤬

    01) දෙපස නොබලා ආපු වේගෙන්ම අතුරු පාරකින් මහ පාරට දැමීම
    02) පාර අයිනේ නවතා තිබී එක්වර පාරට දැමීම
    03) අපරීක්ශාකාරීව එහාටයි මෙහාටයි මන්තීරු මාරුකිරීම
    04) ඉස්සර කෙරූ සැනින්ම පසු කෙරූ වාහනය ඉදිරිපසට ගැනීම
    05) මන්තීරු දෙකක ධාවනය කිරීම
    06) වම්පස තීරුවෙ සිට එක්වර දකුනු පසට හැරවීම
    07) හයිවේ එකේ උරහිස් තීරුවේ ගමන් කරමින් වාහන වලට ඉස්සර කිරීමට ඉඩදීම​
    08) ඉදිරියෙන් හෝ පිටුපසින් එන වාහනවල වේගය තුට්තුවකට මායිම් නොකිරීම
    09) ඉස්සර කිරීම් වලදී හෙඩ් ලයිට් ගසා අනෙක් අය කානුවට ඇද දමා යාම
    10) දකුනේ නීතියට කිසිම ගරුසරුවක් නැතිකම​
    11) බර වාහන (බස් සහ ලොරි) පොඩි වාහනවලට බුලී කිරීම
    12) ටුක් ටුක් (3-වීලර්) මන්තීරුවේ ඉර දිගේ ගමන් කිරීම
    13) වම් පසින් ඉස්සර කිරීම සහ රින්ගීම (යතුරු පැදි සහ ටුක් ටුක්)
    14) හයිවේ එකේ 50ට හෝ 150ට යෑම
    15) ඉස්සර කරන වාහනයක් ඉස්සර කිරීම
    16) Fලශෳඝ්ත් ගසා බලහත් කාරයෙන් විරුද්ද දිසාවෙන් ඒම
    17) වන්ගුවලදී ඉස්සර කිරීම
    18) වමට සිග්නල් යොදා දකුනට හැරවීම
    19) පදික මාරූවීම්වලදී ඉස්සර කිරීම
    20) වේග සීමා තුට්ටුවකට මායිම් නොකිරීම

    • LalithM says:

      මෙහි සඳහන් 03 සිට 09 දක්වා කරුණු අධිවේගී මාර්ග භාවිත කරන බොහෝ රියදුරන්ට පොදු වැරදි. මෙයට හේතුව නිසි පුහුණුව නැතිව රියදුරු බලපත් ලබාදීම සහ නොහික්මුණ බව.දැඩි දඬුවම් උදාහරණ ලෙස යම්බ කලකට බලපත් අහෝසිකර දැමීම වැනි දේ නොකර මෙවැනි වැරදි නැවතීමට නොහැකියි.

  3. lolla says:

    ලොම්බෝ….. Highway එකේ තැන තැන නිදා ගන්න දීපුවාම ඒක highway එකක් වෙන්නේ කොහොමද ? අනික අපේ ලංකාවේ ගොබ්බයො ඔය තැන් වල නවත්තලා කෑම කයි, පුලුවන්නම් පොල් ගාල කෑම උයයි…. ජරාව දාල පාර විනාස කරලා යයි……

    • රෑ මනමාලී says:

      අපිටත් කලක් දසාවක් යයි 😂 ගමකට ඉස්තූතියි, ජොනී සර්.

  4. lolla says:

    ඔන්න පල්ලෙහා news එකේ තියෙනවා අපේ ලංකාවේ හැත්ත ගිය සුමානේ නුවරඑළියේ කරපු විනාසය…. Shopping bag ට්‍රැක්ටර් ගණන් අදිනවලු……. ගොබ්බ අපිරිසිඳු ජාතියක්

  5. KD says:

    මුලින්ම හැමෝටම උගන්වන්න:
    1) සෑම විටම ඔබේ මංතීරුවේ ධාවනය කරන්න
    2) කිසිම තත්වයක් යටතේ වම් මංතීරුවෙන් පසුකර නොයෑම
    3) අධික ලෙස ගැනීමට පෙර දකුණු උරහිස දෙස බලන්න
    4) අධිවේගී මාර්ගයේ අවම වශයෙන් පැයට කිලෝමීටර 80 ක් ධාවනය කරන්න

Main News