අධිවේගී මාර්ගවල අනතුරු වැඩි වී ඇත්තේ පින්තූර ගැහිල්ල නිසා..

April 19, 2019 at 8:40 am | lanka C news
අධිවේගී මාර්ගවල අනතුරු වැඩි වී ඇත්තේ පින්තූර ගැහිල්ල නිසා..

මෙම උත්සව කාලයේ දී අධිවේගී මාර්ග අනතුරු වැඩි වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම වාහන වල සිට ඡායාරූප ගැනීම හා නැරඹීමට යාම බව හෙළිව තිබේ.

අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා සඳහන් කරන්නේ පසුගිය 14දා එකම මොහොතක වාහන දහතුනක් එකට ගැටීමට හේතු වී ඇත්තේ මං තීරු දෙකේම වාහන නවතා අනතුර සිදු වූ ස්ථානය ඡායාරූපගත කිරීම බවයි.

කෙසේ වෙතත් මෙවර පෙර වසරවලට සාපේක්ෂව අනතුරුවල යම් අඩුවීමක් ඇතැයි ද මෙවර සියලුම අනතුරු සුළු අනතුරු බවද ඔහු සඳහන් කළේය.

මෙම උත්සව කාලය තුළදී දිනකට වාහන 80ක් පමණ යාන්ත්‍රික දෝෂවලට ලක්වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

139 views
Main News