අධිවේගී මාර්ග දෙපස මුත‍්‍රා කලොත් අත්අඩංගුවට.. නඩු..

January 3, 2019 at 11:20 am | lanka C news
අධිවේගී මාර්ග දෙපස මුත‍්‍රා කලොත් අත්අඩංගුවට.. නඩු..

අධිවේගී මාර්ගයන්හි වාහන නවතා තැන තැන මල මුත්‍රා කරන්නන්ට විරුද්ධව මෙම වසරේ සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය සඳහන් කරයි.

අධිවේගී මාර්ගයන්හි තැන තැන වාහන නවත්වා මළ මුත්‍රා පහ කිරීම වැඩි වෙමින් පවතින නිසා මෙම තීරණය ගෙන ඇතැයි එම කොට්ඨාශයේ් ස්ථානාධිපති අනුරුද්ධ චන්ද්‍රසේකර මහතා පවසයි.

එමෙන්ම අධිවේගී මාර්ගයන්හි වාහන නවතා සෙල්ෆි ඡායාරූප ගන්නා සහ වෙනත් නීති විරෝධී කටයුතු දෙදෙනා අත්අඩංගුවට ගැනීමටද මේ වසරේ සිට ආරම්භ කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

14,760 Viewers

19 Comments to “අධිවේගී මාර්ග දෙපස මුත‍්‍රා කලොත් අත්අඩංගුවට.. නඩු..”

  1. සිදත් says:

    ඉතාම හොඳ තීරණයක් බටහිර කිසිම රටක මිනිසුන්ට අදිවේගය දෙපස වාහන නැවත්වීමට ඉඩ දෙන්නේ නෑ.ඒවාගේ දෙපස නැවතීමේ තීරු ඉතා පළල උවත් කිසිම කෙනෙක් වාහනයක් බිඳ වැටීමකදී හැර එහි වාහන නවත්තන්නේ නෑ.
    අදිවේගය ටික ටික ශ්‍රීලංකාකරණය වීම නැවත්වීම ඉතාම වටිනා ක්‍රියාවක් එහෙම නැතිඋනොත් තව ටික දවසක් යන විට ඔය සෙල්ෆි ගන්න එවුන්ට, මුත්‍රා කරන්න නවත්තන එවුන්ට පොඩි පොඩි කෑම/තේ /කැඳ බොන්න /කන්න පොඩි කඩත් දමාවි අපේ මිනිස්සු .
    ඒවගේම අපේ යුතුකම අදිවේගයේ මග දෙපස තේ බොන කෑම කන සෙල්ෆි ගහන මුත්‍රා කරන අය දුටුවිට 1969 අංකයට අමතා දැනුම් දීම .එසේ දැනුම් දීමේදී අදිවේගයේ මීටර් සියයෙන් සියයට දමා තිබෙන බෝඩ් එකේ අංකය කීමෙන් සහ දිශාව කීමෙන් නියම නිවැරදි ස්ථානය මෙහෙයුම් මැදිරියට දැනුම් දෙන්න පුළුවන් වාහන අංකය දැක්කොත් එකත් දැනුම් දෙන්න .ඒවගේම වැරදි වේගයෙන් යන වාහන ගැනත් එම අංකයටම දැනුම් දෙන්න .

    • Kamal says:

      අපි මහින්ද මහත්තයට චන්දෙ දුන්න මිනිස්සු. මහින්ද මහත්තය හදපු අදිවේගෙ අපි යන්න ඕන අපිට ඕන විදිහට පොලිසියට ඕන විදිහට නෙවේ.

      • ගන්ජ බන්ඩා says:

        උඹ රට වනසන්න වලි කන අලිකොටිසීනු කාරයෙක්.

        • Kamal says:

          උබ රටට බරක් වූ ගන්ජා ගහන මෝඩ බයියෙක්

          • සූස්තිය මැද නම says:

            ගහන එකා පමනකි එහි වැඩ දන්නේ
            කමල් කලුවට ඉඳ හැංගිලයි බොන්නේ
            මකල දැමුවත් කමල් මත නැහැ යන්නේ
            සූස්තිය මැද නම ඔබට හරි ගැලපෙන්නේ

      • mapitigama says:

        Kamal JVP moron, UNP boot licker. Do not insult or mislead the people

      • මගේ මල්ලී says:

        කරුණාකර හිස් බෝතලයක් රැගෙන යන්න… බෝතල් කටේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න….

      • "දඩ නැත- කෝලා බොතල ගියර ලඟ ඇත" says:

        තද කරගෙන ගියොත් මගෙ මුත්‍රාව
        බැහැ පදවන්න දුරටත් මගෙ යාත්‍රාව
        කෝලා බෝතලෙ පුරවල තද මාත්‍රාව
        විසිකරමු අඩුකර රිය අනතුරු යාත්‍රාව

    • සිංහල බන්ඩා says:

      සෑම⁣ පිවිසුම දොරටු අසල කැන්ටින් සහිත හෝ රහිත වැසිකිලි හැදුවොත් කලොත් නරකද?

    • නුවන් පෙරේරා- නාවල says:

      සිදත් ඔබ පිටරට වෙසෙන්නෙක් වගේ මේ ලියපු දේවල්වලින් පෙනී යන්නේ..!
      මාත් එයට වුන ඇත්ත සිද්ධියක් එකතු කරන්නම් එහෙම නම්…
      සුද්දගෙ රටට අපිට යන්න වාසනාවක් ලැබුන පසුගිය මාසෙක..උපාධි උත්සවයකට…
      ජොලිය වැඩිකමට පොලව යටින් යන දුම්රියෙන්‍ ගිහිල්ලා එලියට ඇවිල්ලා McDonad කාලා කොලේ ගුලි කරලා විසි කරා ලංකාවේ විදියට… හවස හය උනාට ටිකක් අඳුරුයි.. ඉතින් අනිත් යාලුවා ලංකාවෙ පුරුද්ද විදියට ගහක් යටට ගිහිල්ලා බැරලය හිස් කරගත්තා කියමුකො…විනාඩි දෙකක්වත් ගියේ නෑ යුනිෆෝම් ඇඳගත්තු සුදුකෙනෙක් අපි තුන්දෙනාම නැවැත්තුවා..! අපිව ප්‍රශ්න කලා..යාලුවො දෙන්නාම නොකල මාව යුනිෆෝම් ඇඳගත්තු සුද්දට ඇඟිල්ල පෙන්නල කීවා මෙයා ඒවා කලේ අපි නොවේ කියල..! නමුත්
      සුද්දා ඒ වැරදි කරපුව වීඩියෝ කෙරුන එක අපට පෙන්නල කීවා දඩය ගෙවන්න ලෑස්තිද කියල බැංකු කාඩ් එක ඉල්ලුවා ..( මම නිදහස්…) ඒත් යාලුවො දෙන්නා ඒක සීරියස් කියල හිතුවෙ නැහැ!
      යාලුවො දෙන්නා කිව්වා අපි පිටරට අය කියල.. සුද්දා ඇඳගෙන ඉන්න යුනිෆෝම් එකේ ඩිජිටල් කැමරාව පෙන්නලා කිව්වා මේ හැම දෙයක්ම වීඩියෝ රෙකෝඩ් වෙනවා කියල… යාලුවො දෙන්නා ලංකාවේ තියෙන තාත්තගෙ ලොකුකමට මඟ ඇරල යන්න ගියා සුද්දට අම්මව සුද්ද සිංහලෙන්ම මතක් කරල බැනල..!
      සුද්ද අපිට හිනාවෙලා කාටද ෆෝන් කරනව අපි දැක්ක… විනාඩියෙන් පොලිස් කාර් එකක් නැවැත්තුව අපි ලඟ… දඩය ගෙවන්න කියපු සුද්දා අපි ලඟට ආවා… බයටම ගෝල්ඩ් කාඩ් එලියට අරගත්තා ගෙවන්න .. නමුත් “ගෝල්ඩ් කාඩ්” මේ අඩු වයසට කොහොමද කියලා ඇහුවා.. ඇඟෙව්වේ නෑ ඒවා තාත්තගෙ බව… ! ගෝල්ඩ් කාඩ් දුටු ගමන් දඩය නැග්ගා…
      චූ කරාට දඩය රු 12,000/-
      කොලය විසිකරාට දඩය රු 40,000/-

      • නිල්මිණි says:

        නුවන් ඔබේ කතාව අනුව ඒ සිද්දිය බොහෝවිට ජර්මනියේ සිදුවූ දෙයක් වගේ .
        ජර්මනියේ කොහේ හරි නිවාස සංකීර්ණයක කුණු වෙන් කරලා දමන බාජනවල වැරදි කුණු තිබේ නම් මිනිසිපල් පොලිසිය හොරෙන්ම ඇවිල්ල හැංගිලා බලාගෙන ඉන්නවා දිරන කුණු දමන පෙට්ටියේ විදුරු දාන අය කඩදාසි දාන එකේ පොලිතින් දමන අය අල්ලගන්නවා ඊටපස්සේ දඩ තමයි කිසිම සමාවක් නෑ. ඒවගේම හිම කාලෙට තමුන්ගේ නිවාස ඉදිරිපිට පදික මාර්ගයේ හිම ඉවත්කිරීමේ වගකීම එම ගෙහිමියා දරන්න ඕනා යම්කිසිකෙනෙක් තමුන්ගේ නිවස ඉදිරිපිට කළු හිම තිබිලා ලිස්සලා වැටුනොත් එකට ගෙහිමියා වගකියන්න ඕනා .එකියන්නේ වන්දි ගෙවන්න වෙනවා ආයේ කතා දෙකක් නෑ.සමහරු තමුන්ට ඒ හිම සුද්ද කරන්න බැරිනම් එක සමාගමකට බාර දෙනවා හැබැයි ඉතින් සමාගම සල්ලි අරගෙන කර ඇරියොත් සමාගමත් ඉවරයි .ඇත්ත ලංකාවේ නීති හා නීති ක්‍රියාත්මක කිරීම හොඳටම මදි .

  2. sunimal says:

    එසේනම් එම කටයුත්ත කිරීමට තැන් යන අතර මග සකසා දිය යුතුය

    • නිහාල් says:

      ලෝකේ කොහෙවත් රටක අදිවෙගයක කිලෝ මිටරයෙන් මීටරයට වැසිකිලි නැහැ අවම වශයෙන් කිලෝමීටර් හැටක් පමණ දුරකින් තමා විවේක ස්ථාන තිබෙන්නේ දැනට තිබෙන ස්ථානය හැරුණුවිට කොට්ටවට ආසන්නයේ එකක් සහ වැලිපන්න පසුවී මාතර දිශාවට ආසන්නව එකක් හැදුවොත් හම්බන්තොට මාර්ගය සෑදුවිට වැසිකිලි ප්‍රමාණය ඇති

  3. priyantha says:

    adiwege rest karanna hadala thiyena thana(welipenna) muthra karanna rs.20/= gannawa salli ayanokarana toilet gandagahanawa ahala pahalinwath yanna be

  4. parajitha balurathne says:

    මේ පිට රට ගැන කියල තියෙන පඬියා දන්නවද ඒ හැම පාරකම වගේ මිනිස්සුන්ට මේ කාර්යය කර ගන්න හොඳට පහසුකම් සලසලා තියෙන වග. ඒක නොකියා මේවා නවත්තන්න කියන එක කොයි තරම් අමානුශිකද. තමුසේ මනුස්සයෙක්ද නැත්නම් යකෙක්ද?

    • සිදත් says:

      මේ පඬියා දන්නවා මොකද මේ පඬියා අවුරුදු 20ක් බටහිර ජිවත්වූ කෙනෙක්
      හැබැයි මේ පඬියා දැකලා නෑ ලෝකේ කොහෙවත් අදිවේගී මාරගවල අඩි සීයෙන් සියට වැසිකිලි පහසුකම් තිබෙනවා මාතර කඩවත අදිවේගී මාර්ගයට වැසිකිලි පද්දති 3ක් තිබුනානම් හොඳටම ඇති .ඊළඟට තමුසෙලා වගේ මිනිස්සු කියාවි පාරේ අද්දර තැබිලිගෙඩි විකුණන මිනිසුන්ටත් පොඩි කඩ දාගන්න ඉඩදෙන්න කියල අන්තිමේ අදිවෙගයත් අර මිගමු කොළඹ පැරණි ගුවතොටුපලට යන පාර වගේ වේවි.ලින් ගෙම්බෝ වගේ ඉන්නවා හැබැයි හිතන්නේ මුළු ලෝකෙම ගැන දන්නවා කියල

    • aniwa says:

      හන්දියක් හන්දියක් ගානේ හුජ්ජ කරන් නැතුව පැයක් එකහමාරක් ඉවසන් ඉන්න බැරිනම් උඹට ලෙඩක් මලයෝ, දොස්තර කෙනෙක් ගාවට පලයන් විගැහින්.

    • සිදත් says:

      තව දෙයක් අමතක උනා තමුසෙලා වගේ මිනිසුන්ට යක්ෂයෝ වගේ සැර’ ඒවගේම රටට් ආදරේ පාලකයෝ නැතිකම තමා වැරැද්ද .ඕනා එකෙකුට ඕනා ඕනා විදියට කටයුතු කරන්න ඉඩදීම තමා වැරැද්ද .බටහිර රටක පාර අද්දර මුත්‍රා කරලා අහුවුනොත් දඩ ගසනවා ඒවගේම සමහර ප්‍රාන්ත වල තමුසේ වගේ මිනිසුන්ව හිරෙත් දාන්න පුළුවන් පාරේ මුත්‍රා කරලා .ලංකාවේ නීති තිබෙනවා නමුත් ඒවා ක්‍රියාත්මක කිරීම බොහොම දුර්වලයි .එකයි මේ මිනිස්සු මුන්ට ඕනා ඕනා විදියට රට හදන්න හදන්නේ .
      ඔය අධිවේගයේ තේ බිබී රස්තියාදු වෙන එවුන් අල්ලලා දවසක්විතර පොලිසියේ රස්තියාදු කරලා දඩ ගැහුවනම් ඕවා ඉබේම නවතිනවා .බටහිර රටවල උනත් මිනිස්සු හැදුනේ අධික දඩ මුදල් නිසා .සින්ගපුරුවත් හැදුවේ එහෙමයි .අවාසනාවකට ගොටාබය මේ රටේ තමුසෙලා වගේ හරක් එලවා ගත්තා නැතිනම් එතුමා මේ රට හදනවා

  5. keerthi says:

    Highway haraha awidina Ballan. Wani. Satunnge wagakeema policiya ganne natuwa athi

Main News