අධිවේගී මාර්ග පුද්ගලික අංශයට දෙන්න සූදානම්…
September 9, 2017 at 3:26 am | lanka C news
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන කිලෝ මීටර් 170ක් වන අධිවේගී මාර්ගවල පාලනය පුද්ගලික අංශයට පැවරීමට හෝ බදු දීමට සැළසුම් සකස් වෙමින් පවතින බවට තොරතුරු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.
අනාගත පරපුර උදෙසා අපේ දේ ආරක්ෂා කර ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් මේ සම්බන්ධයෙන් වන විශේෂ හෙලි දරවු කිරීමක් එළැඹෙන 12 වැනිදා සිදු කරන බවත් එම සංවිධානය කියයි.