අධිවේගී මාර්ග විදේශ සමාගමකට දෙනවා.. විසි අවුරුද්දක සල්ලි එකපාර ගන්නවා..ඒක ඉතා සාර්ථකයි..- කිරිඇල්ල

September 9, 2017 at 9:20 am | lanka C news
අධිවේගී මාර්ග විදේශ සමාගමකට දෙනවා.. විසි අවුරුද්දක සල්ලි එකපාර ගන්නවා..ඒක ඉතා සාර්ථකයි..- කිරිඇල්ල

දක්‍ෂින හා කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයන් විදෙස් සමාගමකට බදු දීමට සාකච්ඡා පැවැත්වෙන බව විෂය බාර ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

මෙම අධිවේගී මාර්ග වසර 15කට හෝ 20කට බදු දී මුදල් එකවර ලබා ගැනීමට අදහස් කර සිටින බද පවසන ඇමතිවරයා බදු ඉන් පසුව අධිවේගී මාර්ගයන්හි නඩත්තුව හා පාලනය සිදුකරනු ඇතැයිද කියා සිටී.

මෙම ක‍්‍රමය ඉතාම සාර්ථක ක‍්‍රමයක් බවත් විදෙස් රටවලද මෙම ක‍්‍රමය සාර්ථකව ක‍්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා සදහන් කරයි.

අධිවේගී මාර්ග විකුණන්නේ යයි විපක්‍ෂය කියා සිටියද කිසිම විකිණීමක් සිදු නොවන බවත් දැන්වීම් පළකොට වැඩි ඉල්ලුමට ලබා දෙන බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

203 views
Main News