අධිවේගී ලොරිය යතුරුපැදියක් යටකරගෙන ගොඩනැගිල්ලකුත් කඩයි.. තරුණයෙකු මරුට… අයෙකුට බරපතලයි…

June 6, 2022 at 2:10 am | lanka C news
අධිවේගී ලොරිය යතුරුපැදියක් යටකරගෙන ගොඩනැගිල්ලකුත් කඩයි.. තරුණයෙකු මරුට… අයෙකුට බරපතලයි…

වව්නියාව ඒ-9 ප්‍රධාන මාර්ගයේ තාණ්ඩික්කුලම් ප්‍රදේශයේදී (04) සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත දෙස සට පැමිණි ලොරි රථය අධික වේගයකින් ධාවනය වී ඇති අතර එහදී ලොරියේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් වව්නියාව දිස සිට ඕමන්ත දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක්ද යටකරගෙන අසල තිබූ ගොඩනැගිල්ලක් තුලට කඩාවැදී නැවතී ඇති බවට පොලීසිය පැවසීය.

එහිදී ලොරියට යටවීමෙන් යතුරුපැදියේ ගමන්ගත් එක් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තරුණයා බරපතල තුවාල ලබා වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇත.

අනතුරින් පසුව ප්‍රදේශවාසීන් විසින් ලොරිරථයේ රියදුරුට පහරදීමට උත්සහ දරා ඇති අතර එම ස්ථානයට ගිය වව්නියාව පොලීසිය විසින් ප්‍රදේශවාසීන් විසුරුවාහැර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,626 views

3 Comments to “අධිවේගී ලොරිය යතුරුපැදියක් යටකරගෙන ගොඩනැගිල්ලකුත් කඩයි.. තරුණයෙකු මරුට… අයෙකුට බරපතලයි…”

  1. Nature says:

    ඉක්මන් ගමන කොට වෙයි

  2. kalukaputaa says:

    lorrye riyaduraa sinhala suruttuweknam gahalama marala daanu. polisiye ewun suruttuwaava nidahaskoraladaavi. vavuniya kiyanne tamil eelamwala 2veni vishaala nagarayai, yaapanayen pasuwa.

    • kalukaputaa says:

      kanagaatuwenna epaa kalukaputaa. oba kiyaapu vidihatama suruttu sinhala driverva vada deela den yaapaneta
      aran gihillai thiyenne. seka nethuwa u heta udeta merilai kiyala pravruththiya ei. ethakota suruttuwanta api gena
      bayak ethivewine?

Main News