අධිවේගිය කොක්මාදුවෙන් මදිවේගී වෙයි.. නඩත්තු වසර දෙකකට ළගයි.. තාම අවසන් නෑ..

April 22, 2017 at 4:40 pm | lanka C news
අධිවේගිය කොක්මාදුවෙන් මදිවේගී වෙයි.. නඩත්තු වසර දෙකකට ළගයි.. තාම අවසන් නෑ..

2015 වසරේ ඔක්තොම්බරයේදී දකුණු අධිවේගී මාර්ගයේ කොක්මාදුව ප‍්‍රදේශයේ වූ පස් කන්දක් කඩා වැටීම නිසා එම ස්ථානයෙන් අධිවේගී මාර්ගය කොටසක් මේ දක්වා වසා දමා ඇත.

මෙම ප‍්‍රතිසංස්කරණ කටයුතු පවරා ඇති සමාගමෙන් ප‍්‍රමාද ගාස්තු වශයෙන් දිනකට රුපියල් 75000 බැගින් හා දඩ මුදල් ලෙස රුපියල් ලක්ෂ හතක් අයකර ගැනීමට තීන්දු කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ කොට්ටාව-මාතර ව්‍යාපෘතියේ වැඩබලන කළමනාකරු ඊ.එච්.වයි ගරුසිංහ මහතා පවසයි.

ප‍්‍රතිසංස්කරණ කටයුතු බාර දුන් සමාගම මේ දක්වා එය අවසන් කිරීමට අසමත්ව ඇතැයිද ඔහු පැවසීය.

135 views
Main News