අධිවේගී මාර්ග හදන්නේ නැත්තෙ නැකැත් නැති නිසා…

September 27, 2016 at 3:00 pm | lanka C news
අධිවේගී මාර්ග හදන්නේ නැත්තෙ නැකැත් නැති නිසා…

මේ වසරේ නැකැත් නැතිවීම නිසා අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් නොකරන බව මහාමාර්ග ඇමති  ලක්‍ෂමන් කිරිඇල්ල මහතා උඩුනුවර පැවති උත්සවයක් අමතමින් කියා සිටියේය.

මේ වසර අවසාන කලයේ නැකැත් නැති නිසා එන ජනවාරියේදී කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය, කොළඹ-රත්නපුර අධිවේගී මාර්ගය, කුරුණෑගල-දඹුල්ල අධිවේගී මාර්ගය එසේ වැඩ ආරම්භ කරන බවද ඔහු එහිදී කියා සිටියේය.

නැකැත් තිබුනේ නම් මේ වසරේම ඒවායේ වැඩ අරඹන්නට තිබූ බවද ඇමතිවරයා කියා සිටියේය.

77 views
Main News