අධි ආරක්‍ෂිතයේ තිබූ යාපනය මයිලිඩ්ඩි වරාය හා අක්කර 54ක් මුදා හරී..

July 3, 2017 at 12:40 pm | lanka C news
අධි ආරක්‍ෂිතයේ තිබූ යාපනය මයිලිඩ්ඩි වරාය හා අක්කර 54ක් මුදා හරී..

යුද්දය හේතුවෙන් අධි ආරක්ෂිත කලාප වලට අයිතිව තිබූ යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පිහිටි මයිලිඩිඩි ධීවර වරාය ඇතුලු අක්කර 54 ක භූමි ප්‍රදේශයක් නිදහස් කොට එහි මුල් පදිංචි කරුවන් වෙතට ලබා දීමේ උත්සවය අද (03) යාපනය මයිලිඩි ප්‍රදේයේදී පැවත්වුණි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් අදාල ඉඩම්හි අයිතිය මුල් අයිති කරුවන් වෙතට ලබා දෙන මෙන් යාපනය දිසාපති නාගලිංගම් වෙදනායගම් මහතා වෙතට සන්දේශයක් මගින් දැනුමී දෙනු ලැබීය.

අදාල ඉඩම් හා මයිලිඩ්ඩි ධීවර වරාය නැවත තමන්ටම ලැබීම සමබන්ධයෙන් මයිලඩි ධීවරයින් මහත් සේ සතුටු වී සිටින අතරම ඉතා ඉක්මනින් තමන්ට සුපුරුදු ධීවර කටයුතු සිදු කර ගැනීමට හැකි වන බවටද කියා සිටියහ.

මයිලිඩඩි ධීවර සමිතියේ සභාපති පී.ගුණපාලන් කියා සිටියේ වසර 37 ක් පුරාවට තමන්ට අහිමිව තිබූ ධීවර වරාය දැන් නැවත ලැබීම සම්බන්ධයෙන් යුද හමුදාවට ඇතුලු රජයට ස්තූතිය පුද කරන අතරම ධීවර කටයුතු සිදු කර ගැනීම සඳහා අවශ්‍ය ධීවර ආම්පන්න ගැනීමට බොහෝ ධීවරයින්ට වත්කමක් නොමැති හෙයින් ධීවර ආම්පන්න ලබා දීමේ වැඩපිළිවලක් හෝ මයිලඩි ධීවරයින්ට ලබා දීමට අදාල බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවටයි.

මෙහිදී යුද හමුදාව විසින් අදාල ප්‍රදේශයේ නැවත පදිංචි වන වැසියන් වෙනුවෙන් පළමු පියවර වශයෙන් ප්‍රදේශයේ පොදු ළිං සියල්ලක්ම හා ආගමික ස්ථාන පිලිසකර කරදීමටද පියවර ගෙන ඇති අතර අනෙකුත් පහසුකම් පසුව ලබා දීමටද පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරම් මහතා ඇතුලු පිරිසක්ද පේදුරු තුඩුව හා වැල්වැටිතුරේ ප්‍රදේශයන්හි ධීවර ජනතාව 200 ක් පමණ දෙනාද සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

91 views
Main News