අධි බල පුපුරණ ද්‍රව්‍ය හා ක්ලේමෝ බොම්බ තොගයක් හමුවේ..

June 18, 2018 at 8:02 am | lanka C news
අධි බල පුපුරණ ද්‍රව්‍ය හා ක්ලේමෝ බොම්බ තොගයක් හමුවේ..

කිලිනොච්චිය, පරවිපාන්චාන් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය හා ක්ලේමෝ බොම්බ තොගයක් හමුවී ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

පරවිපන්චාන් ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ගෙවත්තේ පිහිටි ළිඳ පිරිසිදු කිරීමට යාමේදී ළිඳ පතුලේ දමාතිබූ අදාල යුද උපකරණ තොගය හමු වීමෙන් පසුව ඒ පිළිබඳව කිලිනොච්චිය පොලීසිය දැනුම් දීමෙන් පසුව අදාල ක්ලේමෝ බෝම්බ තොගය හා පුපුරණද්‍රව්‍ය තොගය ගොඩට ගෙන ඇත.

අවසන් යුධ සමයේ පළාගිය එල්.ටී.ටී සාමාජිකයින් විසින් අදාළ බෝම්බ ළිඳට තුලට දමා පලා යන්නට ඇති බවටත් සොයාගත් ක්ලේමෝ බෝම්බ හා ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිතව ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4 views
Main News