අධි වේගයෙන් ආ ලොරියක් බස් රථයක හැපේ.. පාර හිරවෙයි..

April 11, 2019 at 5:30 pm | lanka C news
අධි වේගයෙන් ආ ලොරියක් බස් රථයක හැපේ.. පාර හිරවෙයි..

අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක් ලංගම බස් රථයක ගැටි අනතුරක් සිදු වි ඇති බව වටවල පොලිසිය  පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා තේ කර්මාන්ත ශාලාව අසලදිය.

කුලියාපිටියේ සිට හැටන් වටවල දක්වා පෞද්ගලික ඇගලුම් ශාලාව දක්වා ධාවනය වු ලොරි රථයක් සහ හැටන් ලංගම ඩිපෝවට අයත් හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු ලංගම බස් රථයක මෙසේ මුහුනට මුහුණලා ගැටි අනතුරක් සිදු වි තිබුණ.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අනතුරෙන් ලොරි රථයට සහ බස් රථයට දැඩි අලාභ හානි සිදු වි තිබේ.

ලොරි රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වි ඇති බව වටවල පොලිසිය පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

72 views
Main News