අධි සීනි මාත්‍රාව නිසා නෙස්කැෆේ තහනම් කරන්නැයි ඉල්ලයි..
September 28, 2016 at 5:30 pm | lanka C news
රෝහල් පරිශ්‍රයන් තුල නෙස්කැෆේ තහනම් කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටී.
සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මෙම ඉල්ලීම කරමින් ඇමති රාජිත සේනාරත්න මහතා වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.
අනිවාර්යයෙන්ම බහුජාතික සමාගම් විසින් උපරිම ලාබ ගැනිම සඳහා අලෙවිකරණ නෙස්ලේ සමාගමේ නෙස්කෆේ මෙන්ම කිරිපිට් ලෙස ජනතාව නොමග යවමින් අලෙවිකරණ අධි සීනි මිශ්‍ර නෙස්ප්රෙ එවරිඩේ විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුය.
අධි සීනි තියෙන Nestle products රෝහල් වල විතරක් නෙමෙයි අනිත් තැන් වලත් භාවිතා අඩු කරන්න ක්‍රියා මාර්ග ගත යුතුයි. “Boycott Nestle” කියලා campaign එකක් කරලා මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ.
ආණ්ඩුව කරන්න ඕනේ Sugar Tax කියලා අධි සීනි තියෙන අනිත් සියලු coffee drinks, energy drinks, sports drinks, soft drinks (pop), fruit drinks, milk products වලට 15% – 20%ක විතර excise tax එකක් ගහන එක. එතකොට ඒවායේ මිල වැඩි කලහම මිනිස්සු පාවිච්චිය අඩු කරනවා. ඊට පස්සේ මිනිස්සු සීනි අඩු, මිල අඩු, සෞඛයට හිතකර විකල්ප වලට යනවා.
තව Fat Tax කියලා tax එකක් දාන්න ඕනේ pizzas, burgers, doughnuts and various other processed junk food වලට.
VAT වගේ දුප්පත් මිනිහා පීඩාවට පත් කරණ බදු ගහන්නේ නැතුව, ආණ්ඩුව සල්ලි හොයා ගන්න මේ වගේ වෙන බදු වලට යන්න ඕනේ.
ශරීරයට අවශ්‍ය සීනි, අළුත් පළතුරු සහ වියළි පළතුරු වලින් අපිට ලැබෙනවා. (මම නම් වියලි පලතුරු හරියට කනවා. වැඩට යනකොටත් පොඩි container එකක දාගෙන යනවා, හැම ජාතියම mix කරලා, කජු, මුද්දරප්පලම්, වට්ටක්ක ඇට, වියලි කෙසෙල්, වියලි අඹ, වියලි අන්නාසි, වියලි ඇපල් ……. මගේ vegetable salad වලට මේවයින් ටිකක් අනිවාර්යයෙන්ම එකතු කරනවා.)
ශරීරයට අවශ්‍ය මේදය මස් වර්ග, බිත්තර, කජු, රටකජු, පොල් කිරි, උයන්න පාවිච්චි කරන තෙල් වලින් ලැබෙනවා. දැන් දැන් සමහරු ගෙදර තේ බොන්නේ සීනි නොදා රට ඉඳි හරි කිතුල් හකුරු හරි එක්ක. බටහිර රටවල තේ කෝපි වලට මීපැණි පාවිච්චි කරන එක හරි ජනප්‍රියයි. ඒත් වැඩි දෙනෙක් බොන්නේ සීනි නැතුව හෝ එක හැන්දක් එක්ක විතරයි. මිනිස්සු වස විස කන එක නවත්තලා, තමන්ගේ කෑම සිහි බුද්ධියෙන් තෝරා ගන්න පුරුදු වෙන්න ඕනේ.
හොඳ ළමයා ……