අනතුරු වලින් දෙදෙනෙකු මියයයි… අයෙකුට බරපතලයි…

February 16, 2020 at 4:40 pm | lanka C news
අනතුරු වලින් දෙදෙනෙකු මියයයි… අයෙකුට බරපතලයි…

කිලිනොච්චයේ සහ වව්නියාව දිස්ත්‍රීක්කයන්හි සිදු වූ රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මිය ගොස් තවත් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට පොලීසිය පවසයි.

කිලිනොච්චිය ඒ-9 මාර්ගයේ නගර මධ්‍යෙය් අධික වේගයකින් ධාවනය වූ යතුරුපැදියක් රාත්‍රියේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ ගමන්ගත් තවත් වාහනයක ගැටී යතුරුපැදිය පෙරලී එහි ගමන්ගත් තරුණයෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලයට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

මේ අතර වව්නියාව මුරුගනූර් ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් අඹු සැමි යුවලක් බරපතල තුවාල ලබා වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කාන්තාව මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පැවසීය.

කිලිනොච්චියේ යතුරුපැදි අනතුරින් මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි කරුපයියා යෝගචන්ද්‍රන් නැමති තරුණයෙකු වන අතර ත්‍රී රෝද රථ අනතුරින් මිය ගොස් ඇත්තේ 25 හැවිරිදි කලෙයිචෙල්වන් දර්ශනි වන බවට පරික්ෂණ සිදු කරන වව්නියාව හා කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,501 Viewers

2 Comments to “අනතුරු වලින් දෙදෙනෙකු මියයයි… අයෙකුට බරපතලයි…”

  1. sunimal says:

    නිවන් සැප ලැබේවා

  2. අල්ලපු ගෙදර තිනන් says:

    මෝටර් සයිකල් ලයිසන් දෙනකොට මේ අනතුරු වලින් මැරුණු අයගේ පින්තූර පෙන්වන්න මෝඩ හරක් වගේ පාරෙ ඉගිල්ලෙනකොට මතක්වෙන්න.

Main News