අනධ්‍යන කාර්ල මණ්ඩල මත්පැන් සාදයේ.. ගුරු සිසුන් විරෝධතා..

February 6, 2019 at 12:40 pm | lanka C news
අනධ්‍යන කාර්ල මණ්ඩල මත්පැන් සාදයේ.. ගුරු සිසුන් විරෝධතා..

හැටන් පතන ශ්‍රි පාද අධ්‍යපන විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යසලාභි සිසුන් එම විද්‍යා පිඨය තුල අද (06) පන්ති වර්ජනය කරමින් විරෝධතාවයක නියැලි සිටි.

අද උදැසන සිට එම විද්‍යා පිඨයේ ප්‍රධාන ගේට්ටුව අභියසයි සිසුන් විරෝධතාවයේ නියැලි සිටින්නේ .

එම විද්‍යා පිඨයේ රොජිස්ටාර්වරයා ස්ථාන මාරු කරන ලෙස බල කරමින් මෙම ගුරු අභ්‍යාසලාභි සිසුන් විරෝධතාවය දක්වනු ලබන්නේ.

එම විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය  අපිරිසිදුව පවත්වාගෙන යාම නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම මුළුතැන්ගෙය තාවකාලිකව ඊයේ (05) සිට වසා දැමිම නිසා තමන්ට ආහාර පාන නිසි වේලාවට නොලැබෙන බවත්, එවන් තත්ත්වයත් මත සිටියදි ඊයේ රාත්‍රියේ රෙජිස්ටාර්වරයා ඇතුළු එම විද්‍යා පිඨයේ අනද්යන කාර්යය මණ්ඩලයේ පිරිසක් ඊයේ රාත්‍රියේ විද්‍යාපිඨය තුල මත්පැන් සාදයක්ද පැවැත් වු බව විරෝධතාවය දක්වන විද්‍යාපිඨයේ අභ්‍යාසලාභි සිසුන් කියා සිටියි.

රෙජිස්ටාර්වරයා සහ අනද්යන කාර්යය මණ්ඩලයේ නිලධාරින් පිරිසක් සහ ගුරු අභ්‍යාස ලාභි සිසුන් අතර ඊයේ රාත්‍රියේ විද්‍යාපිඨය තුල ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිමට දිඹුල පොලිසියේ නිලධාරින්ට සිදු වුණා.

එම විද්‍යා පිඨයේ අනද්යන කාර්යය මාණ්ඩලයේ නිලධාරින්ගේ ආරක්ෂාව උදෙසා රෙජිස්ටාර්වරයා සහ තවත් නිලධාරින් කිහිප දෙනෙකු අද අලුයම තෙක්  දිඹුල පොලිසියේ රදවා තබා ගැනිමට ද පොලිස් නිලධාරින්ට සිදු විය.

මේ සම්බන්ධයෙන් අප එම විද්‍යාපිඨයේ පිඨාධිපතිනි රමණි අඹේනායක  අප කල විමසුමකට ඇය කියා සිටියේ තම ආයතනයේ උසස් නිලධාරින්ගේ අනුමැතියක් නොමැතිව මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ  

21 views

2 Comments to “අනධ්‍යන කාර්ල මණ්ඩල මත්පැන් සාදයේ.. ගුරු සිසුන් විරෝධතා..”

  1. "මත් වතුර vs මත් පැන්" says:

    නිවැරදි කල යුතුය ලියපු වචනෙ නම්
    මත් පැන් නොවේ එය මත් වතුර නම්
    පැන් කියනුයේ ඇඟට ගුණ දෙය නම්
    මත් වතුර රඟය බිව්වම දෑස දකී නම්

  2. Love nature says:

    මේ අයට දඩුවමක් ලෙස වීදිවල කසල ඉවත් කිරීම බාර දිය යුතුය

Main News