අනවසර ගිනි අවියක් සමගින් සන්ධාන මන්ත්රී අත්අඩංගුවට..
July 4, 2017 at 6:48 pm | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්රී තුෂාර පෙරේරා මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පවසන්නේ මන්ත්රීවරයා නීති විරෝධී ආකාරයට පිස්තෝලයක් ළඟ තබා ගැනීම නිසා මෙසේ අත්අඩංගුවට ගත් බවයි.
පිස්තෝලය සමග ජීව උණ්ඩ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල ගිනි අවියට බලපත්රයක් ඉදිරිපත් කිරීමට නොහැකිවීම මත මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
වල්ල පට්ට