අන්තර්කාලීන ආණ්ඩුවට නමක් තියයි.. ජනාධිපතිගෙන් අනුමතයි..

April 30, 2022 at 10:22 pm | lanka C news
අන්තර්කාලීන ආණ්ඩුවට නමක් තියයි.. ජනාධිපතිගෙන් අනුමතයි..

ඉදිරියේ දී බිහි කරන අන්තර්කාලීන ආණ්ඩුව ‘ජාතික එකගතා ආණ්ඩුව’ ලෙස නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.

එම ආණ්ඩුව ඉත්මනින්ම පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට අදාළ කමිටුව නම් කර මේ වන විට ජනාධිපතිවරයාට යොමු කිරීමෙන් පසු අනුමැතිය ලැබී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ දේශපාලන පක්ෂ සමග අන්තර්කාලීන ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නම් කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් යන මන්ත්‍රීවරුන් පිරිසයි.

83,925 views

33 Comments to “අන්තර්කාලීන ආණ්ඩුවට නමක් තියයි.. ජනාධිපතිගෙන් අනුමතයි..”

  1. දීපාල් says:

    පාර්ලිමේන්තුවේ හොරු රාජපක්ෂලා විතරක්මද? අනුර කුමාර, සජිත් පේමදාස, විමල් වීරවංශ, ගම්මන්පිල, පාටලී චම්පික, පොන්සේකා මුන් ඔක්කොම නීල හොරු. වාහන පර්මිට් එක පවා විකුණා ගෙන කන කාලකන්නි. මේ දවස්වල පාර දිගේ පෙලපාලි ගිහින් උද්ඝෝෂණ කරන්නේ 2015 -2019 ආන්ඩුවේ ඉඳලා ගෙදර පන්නාපු හැතිකරේ හෙන්චයියන් රැලයි. යහපාලන හොර නඩය ආපසු ඕක අස්සේ රිංගන්න බලාගෙන ඉන්නවා.

    • Sky says:

      අන්තර්කාලීන ආණ්ඩු එපා ජනපති ඉල්ලා අස්වී ගෙදර යන්න ජනතාවගේ හඩට සවන් දෙන්න
      GOTA GO HOME ඒ හඩ තාමත් ඔබට ඇසුනේ නැද්ද ?බලයට ඇති තන්හාව ඒ තරම්
      බලවත් ද ?

      • Joy says:

        ජනාධිපති ගෙදර යනු.. ආණ්ඩුව අස්වනු ජනතා හඩට සවන් දෙනු …දේශපාලන බලේට තනතුරු වලට තණ්හාවෙන් රටේ තවත් විනාශයක් නොකරනු

  2. Justica says:

    Parana horu epa. Maina sulaga gena ewun epa.. hamadama parliament eke idan salli gahanna wedak nokara..
    Janatha ekagatha janthawata ona antharwara anuduwak deepan

    • OLU says:

      ‘ජාතික එකගතා ආණ්ඩුව මොකක් කෙසේද එවැනි නමක් යොදන්නේ රටේ කිසිම පුරවැසියෙක් ‘ජාතික එකගතා ආණ්ඩුවක් සෑදීමට ඔබට කැමැත්ත දීලා නැහැ ..ජනතාවගේ අරගලය ඔබගේ ආණ්ඩුව ඉල්ලා අස්වී ගෙදර යන ලෙසයි ..කරුණාකර ඉල්ලා අස්වී ගෙදර යන්න වසර 3 පාලනය කරලා රටට කරපු විනාශය දැන් හොදටම ඇති ..GOTA GO HOME

  3. Hiranthe says:

    ගෝටා යන්නේ නැතිව කිසිම හරයක් නෑ. සීනි , සුදු ළූනු වංචා වලට ගෝටා වග කියන්න ඕනේ . ඒ අතරමඒ අතරම Hotel quarantine , Rapid Antigen කිට්ස්, Vaccines දියර පොහොර , බුරුමෙන් සහල් ආදිය import කරන්න තමන්ගේ ගජ මිතුරන්ට සිත්සේ මහජන මුදල් කෝටි ගනන් ගරාකන්න ඉඩ දීල බලා හිටියා. ලංකා මාතාව මහදවල් මහපාරේ දුෂණය කලත් එකයි දුෂණය කරන්න ඉඩ හදල දීල ස්වයං වින්දනයක් ගත්තත් එකයි. ගෝටාට කියන්න බැහැ මගේ දෑත් පිරිසුදුයි කියලා. ඉතින් ඔය මිනිය driving seat එකේ තියාගෙන මොන හොඳ ගමනක් වත් යන්න බැහැ. අනෙත් හේතුව මූ තවමත් උපදෙස් ගන්නේ රට විකුණන මිලින්ද මොරගොඩ ගෙන් සහ path finder organisation එකෙන්.

  4. කේන්දරින් පලව ගෙනම නරි හම දා ගනිල්ලා says:

    කේන්දරින් පලව ගෙනම නරි හම දා ගනිල්ලා.

    • JOHN says:

      නම ඥානා ගේ බලය කියලද ?

      • ලයිට් කැපුවත් පොහොට්ටුවට says:

        පටලා සුරත රතු ජංගියෙ නූල් දම
        නැමිලා වඳින ඤාණක්කගෙ බිබික්කම

        ඕක තමා දානවනං නම.

  5. Ra Perera says:

    රාබේරෙන ආණ්ඩුව (රාජපක්ෂලා බේරෙන ආණ්ඩුව)

  6. චන්ද දායක says:

    චෝදනා ඩිපෝසිට් කරන්න අලුත් එකවුන්ට් එකක් .

  7. ජාතික ආණ්ඩුව says:

    It is a travesty of fate that those who opposed the national government in 2015 agree with the national government today.(2022)

    2015 දී ජාතික ආණ්ඩුවට විරුද්ධ වූ අය අද (2022) ජාතික ආණ්ඩුවට එකගවීම දෛවයේ සරදමකි.

    “ජාතික එකගතා” ආණ්ඩුව කියන්නෙ ජාතික ආණ්ඩුවට කියන තවත් නමක්…ජාතික ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 ව්‍යවස්ථාවේ දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමතකර ඇති පක්ෂ කිහිපයක් එකතුවී පිහිටුවා ගන්නා ආණ්ඩුවකි.

    මීට පෙර 2015දී ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබූ අතර, ඒ ජාතික ආණ්ඩුව මහජන අවශ්‍යතා ඉටු කළේ නැත. 2015 පිහිටවූ ජාතික ආණ්ඩුව මගින් සිදු කළේ විපක්ෂ නායකත්වය දෙමළ ජාතික සන්ධානයට ලබා දීමය.

    ඒ ජාතික ආණ්ඩුව රට වෙනුවෙන් කළේ කුමක්ද?

    • Gamarala says:

      ජාතික ආණ්ඩුව රටේ ජනතාවගේ බදු මුදල් සොරා කෑම ,රටේ ජාතික සම්පත් චීනෙට ,විදේශීය රටවලට බදු දීම ..ඒ මුදල් සහ කොමිස් මුදල් වලින් පාලකයින්ගේ බැංකු ගිණුම් තර කර ගැනීම ..පවුලේ සාමාජිකයින්ට නෑදෑයින්ට රටේ ලොකු තනතුරු දී ඔවුන්ගේ දියුණුව සැලසීම , රජ සැප ලබා දීම

  8. ඇල්වතූර says:

    ඇමති කම් නැතූව බෑමයි රජය.

  9. Sun says:

    These are really criminals but we have no way to trace their money gone. This is the main reason for this collapsed economy and people are suffering a lot. All these top people are criminals keeping their eyes shut and doing all these dirty work. We all know where they are going to go with these load of money. This is one of the worst family ruined a beautiful country. We are ready to uplift the country once these Criminals leave from the cabinet. Well done boys.

  10. Imbecile says:

    Ultimately same old Rogues freshly Dry Cleaned

Main News