අන්තර්ජාලයෙන් භාණ්ඩ ගෙන්වීමට බදු පැනවීමට දැඩි විරෝධය..
March 7, 2019 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා භාණ්ඩ ගෙන්වීමේදී එයට ජාතිය ගොඩනැගීමේ බද්ද නමින් නව බද්දක් අයකිරීමට මුදල් ඇමති මංගල සමරවිර කටයුතු කිරීම ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප තරයේ හෙලා දකින අතර මෙලෙස කිසිදු සොයාබැලීමකින් තොරව සියලුම භාණ්ඩ හා සේවා වලට බදු පැනවීමට යාමෙන් සිදුවන්නේ රජය කෙරෙහි තිබෙන ජනතා අප්‍රසාදය තවදුරටත් වැඩිවීමක් බව අදාළ බලධාරීන්ට කැමැත්තෙමු.
ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් මෙලෙස අන්තර්ජාලය වෙබ් අඩවි හරහා මෙරටට ගෙන්වනු ලබන්නේ මෙරට වෙළදපොලෙහි මිලදීගැනීමට දක්නට නොලැබෙන ඔවුන්ගේ එදිනෙදා ජිවිතයට වැදගත්වන කුඩා අයිතම වන අතර එයින් බොහෝමයක් කුඩා තාක්ෂණික මෙවලම් වේ.
විශේෂයෙන්ම මෙවැනි දේ ඉතාමත් අධික වටිනාකමකින් යුක්ත භාණ්ඩ නොවන අතර සාමන්‍ය ජනයා මත බදු පටවා ඔවුන්ව අපසුතාවයට පත් කිරීමෙන් වැලකී සිටීමට රජය වගබලාගත යුතු බව ශි ලංකා පරිවර්තන සමූහය ලෙස ප්‍රකාශ කරමු.
තවද සුදුසු පුද්ගලයන්ට සුදුසු ඇමතිකම් ලබාදුන්නේ නම් මෙලෙස සාමාන්‍ය ජනයාට අසාධාරණ අයවැයක් ඉරිපත් නොවෙනු ඇතැයි අප විශ්වාස කරමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය
ඇත්තටම මෙම බදු පැනවීම සාදාරන දෙයකි.මෙමගින් කුඩා වියාපාරයක් කර ගෙන යන මා වැනි අයට සෙත සැලසේ.අපි බදු ගෙවා ලංකාවේ කීප දෙනකුට රැකියාවල්ඩ සපයා කරන දෙයට මරු පහරක් මෙම බඩු රහිතව අන්තර්ජාලය හරහා ගෙන්වීමෙන් සිදු වේ.ඒ නිසා ඔවුනට ඒ සදහා අදාල වන බද්ද අය කර ගත යුතුය.පරිවර්තන සංගමය මගින් ebay,amazon ආයතන වලට ආ වැඩීම ලැජ්ජා සහගතය.රජය කල යුතු වන්නේ ebay වැනි යෙදුම් හරහා ලංකාවේ අපනයන වැඩි කිරීමට ඒ සදහා මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේ paypal වැනි ක්‍රම සදහා අවසරය දීමයි.ආනයන සදහා බදු ගැසීම ඉතා සාදාරනය.
අනේ පොරියෝ, උඹගෙ කඩේ ඔය ඔක්කොම බඩු තියද ඇයි ?
මිනිස්සු ගොඩක් online order කරන්නෙ ලංකාවෙ වෙලද පොලේ හොයාගන්න නැති බඩු. උඔලගෙ වගේ ගොං කඩවල අඩුවට තියනවනං මොකටද මිනිස්සු මාස ගානක් සමහර බඩු එනකං බලං ඉන්න උනත් මේ sites වලින් order කරන්නෙ ?
මට ඊයෙ පෙරේදා වෙච්ච දෙයක් මම කියන්නං. මට electronic circuit එකක් ඕන වෙලා නම තියන shop එකකින් ඇහුවා ඒක තියද කියලා උන්ගෙ site එකේ ඒක තියනවා කියලා තිබ්බ නිසා. පස්සෙ උන් කිව්වා සතියකින් stocks එනවා කියල, සතියකින් Call කරාම ගහගන්න වගේ මට කිව්වා ඒක නෑ ඔයාට ඔච්චර ඕනනං online order කරලා ගන්න කියලා. ඉතිං ඊට පස්සෙ මම මොකටද ඔය වගේ Shop වලින් බඩු ගන්නෙ. මම online ebay එකෙන් order කරලා මට ඕන circuit එක ලේසියෙන්ම ගෙදරටම ගෙන්න ගත්තා.
තව සැරයක් රුපියල් 40 cable එකක් ගන්න 20 km විතර drive කරගෙන ගියා. අන්තිමට උන්ගෙ Website එකේ ඒක තියනවා කියලා උන් phone එකෙන් කිව්වත් අන්තිමට එතන තියෙන්නෙ මට ඹ්න එක නෙමෙයි. ඒකත් මම ebay එකෙන් පස්සෙ order කරලා ගෙදරටම මාසයක් ඈතුලත ගෙන්න ගත්තා.
මට ඔය වගේ අත්දැකීම් අනන්තයි මෙහේ shop වලින් බඩු හොයන්න ගිහින්.
ඒ නිසා ලංකාවෙ හොයාගන්න නැති දේවල් ඔය sites වලින් ගන්නවා ඇරෙන්න මෙහේ පොරියගෙ වගේ කඩ කෑලි ගානෙ රස්තියාදු වෙන එක කිසිම වැඩක් නැති වැඩක් කියලා පොරියා වගේ කුහකයන්ටත් නොතේරෙනවා නෙවෙයි.
සහෝදරයා කියල තියන දේ තේරුම් ගන්න.එක්කෙනෙකුට බදු සහිතවත් තව කෙනෙකුට බදු නැතුවත් බඩු ගේනන පුලුවන් වීම අසාදාරනයි.ඕන කෙහෙල් මලක් අනිත් අයටත් අදාල වෙන නීතිය යටතෙම ගෙනාවට මගේ අමනාපයක් නැත.හිතන්න මම අන්ඩුවට බදු ගෙවාගෙන ගේන බඩුව ඔයා ebay එකෙන් බදු නැතුව ගේන එක අසාදාරනයි නේද.එක්කො දෙන්නටම බදු නැති වෙන්න ඕන.නැත්නම් දෙන්නටම තියෙන්නෙ ඕන.ඕකෙ ගෙන්නන ඔක්කොම ලංකාවෙ නැති ඒවත් නෙමේ.
දැං ඔයාට tax ගහන්නෙ custom එකෙන් මිසක් bank එකෙන් නෙවෙයි නේද? එතකොට custom එකට tax ගෙවන ඔයාට තව 3.5%ක් bank එකටත් ගෙවන්න වෙනව නේද? එතකොට ඔයාට සතුටුද?
පැනියා business කරනවා කිවිවට ebay,amazon ගැන දන්න තරම තමයි ඉතිං. ඇයි දැකලා නැද්ද import charges කියලා වෙනම tax එකක් checkout කරද්දී ebay, amazon ලා දැනටම ගහනවා.. $500 බඩුවකට $200 import tax. එහෙම තියෙද්දී තව 3.5% ගෙවීම ද මේ සාධාරණියකරණය කරන්න එන්නෙ ?
මු කුහක ගෙරි වෙලේන්දෙක්
අනේ ගොනෝ, උඹ dongle එහෙමත් හදනවද?
මම මේ ලඟදී Alibaba එකෙන් dongle එකක් ගෙන්නුවා broadband SIM එක පාවිච්චි කරන්න. කියපං බලන්න ලංකාවේ මොකාද dongle හදලා විකුණන්නේ කියලා. මෙහෙ එවුණුත් කරන්නේ චීනෙන් ගෙන්නලා වැඩි ගණනට විකුණන එක. ඉතින් මම අඩුවට එකක් ගෙන්න ගත්තා කියලා අර බෝල කණ්නාඩි ලොල්ලාට පස්සා පැත්තේ අමාරුවද?
රජීව් මැතිව්ගේ කතාව හරියටම හරි.
හෑමදේම ලන්කාවෙ තියනවද? ලන්කාවෙ හදන්ඩ පුළුවන්ද? මේක බාන්ඩ ගෙන්වන්ඩ විතරක් නෙමෙයි හෑම මුදල් ගෙවීමකටම ගහපු අසාධාරන බද්දක්. තමුන්ට ලාබයක් වෙනවනන් අනිත් හෑමදේටම කෙල උනත් කමක් නෑ නේද?
උඹ නම් ලැජ්ජා නැති අතරමැදි කාක්කෙක්? ඒකයි සරල ඇත්ත. උඹේ අතරමැදි කඩේ මොකටද මට, ඒ දෙයම ලාබෙට කෙලින්ම පිටරටින් ගෙන්වගන්න පුළුවන්කම තියෙද්දී? පුළුවන් නම් පිටරට දෙයට වඩා ගුණාත්මකව, ඊට වඩා ලාබෙට හදල විකුණපං. එතකොට මිනිස්සු ගනීවි මෙහෙන්.
අපේ රටේ ඉන්නෙම කාක්කොනෙ, ඒකයි මේ රටට දියුණුවක් නැත්තේ. තමන්ගේ කියල දෙයක් නැහැ. ඒ මදිවට මොංගල් වගේ නස්පුක් එකෙක් මුදල් ඇමති කම් කරන රටක් ගැන කවර කතාද?
කමක් නැහැ. තව සති දෙකකින් මම මේ රට අතහැරලා යනවා. එතකොට මට තොපේ කාලකන්නි බදු ගෙවන්න ඕනෙත් නැහැ.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මැතිතුමා මා ඉතා හොඳින් දන්නා හඳුනන අයෙකි. සිරිල් මැතිව්, නන්ද මැතිව් ආදීන්ගේ ඥාතියෙක් වන මොහු ශ්‍රී ලංකා පරිවර්තන සමුහය කියා ලියාපදිංචි කළ සමුහයේ සභාපතිවේ. මොවුන්ගේ පරිවර්තනය කරන ලද කෘති ගණන 80 පනී.
ශ්‍රී ලාංකීය ජාතිය ම්ලේඡ කොටි ත්රස්තවාදයේ ජාත්‍යන්තර ශාඛාව වන දෙමල බෙදුම්වාදය වෙත පාවාදී ඒකෙ හිලව්වට මුදල් ඇමතිකම් ගත් මෙවැනි ද්‍රෝහී පරයකුගෙන් බදු, තව තවත් බදු ගැසීම ඔස්සේ රට වැසියා දිළිඳු බවට පත්කරනවා හැර කිසිවක් බලාපොරොත්තු විය නොහැකිය. නමුත් එම කාලකන්ණි බද්දට ජාතිය ගොඩනැගීමේ බද්ද යන නම දැමීම ජාතිය අවමානයට පත්කරන තවත් වයමකි. මේ බද්දට සුදුසු නම “ඛේමාගේ කොළු කොල්ලාගේ බද්ද” (KKKT) යන්නයි.
3.5යි කර්ඩ් එකෙන් වැඩිපුර කැපෙන්නේ. රු 1000ක ඔර්ඩර් එකක් දැම්මොත් රු 35යි කැපෙන්නේ. ලක්ශෙක ඔරඩර් එකක් දැම්මත් 3500 කැපෙන්නේ. මේකේ වරදක් නෑ. 35% වගේ කැපුවා නම් තමයි වැරදි. අනික සුබසාධන දෙන කොට සල්ලිත් ඕන. මේ විදියට වක්‍රව පොඩි පොඩි ගනන් ගන්නවන්ම් මිනිස්සුන්ට කරදරයක් නෑ. අර කාබන් බද්ද වගේ මිනිස්සු සූරා කන ක්‍රම නැතුව ( ඒකෙත් රු 100ක් වගේ ගත්තා නම් මිනිස්සු මොනවත් කියන්නේ නෑ )
What a backward country! Only the dishonest people will prosper.